ෆිච්ට් රේටින් ලංකා බැංකුවෙත් ණය ශ්‍රේණිය පහත හෙළයි

ලංකා බැංකුවට ලබා දී තිබු ණය ශ්‍රේණිය ද පහත හෙළන බව ෆිච්ට් රේටින් ආයතනය නිවේදනය කොට ඇත.

ඒ අනුව B – ලෙස පැවතී ණය ශ්‍රේණිය CCC දක්වා පහත හෙළා ඇත. මෙම ණය ශ්‍රේණිය දක්වා පහත හෙළු විට එම රජය හෝ ආයතනය සම්බන්ධයෙන් අනාගත පුරෝකතනයක් ද සිදු කරනු නොලබයි.

ශ්‍රී ලංකා රජයේ ණය ශ්‍රේණිය ද පහත දැමීමට ෆිච්ට් රේටින් ආයතනය පසුගිය දා කටයුතු කළේ ය.

ලංකා බැංකුවේ ණය ශ්‍රේණිය පහත දැමීම පිළිබඳව කරුණු දක්වන ෆිච්ට් ආයතනය කියන්නේ පවතින වසංගත තත්ත්වයේ බලපෑමත් රජයේ ණය ගෙවීමේ හැකියාව පහත වැටීමත් සමග මෙම ණය ශ්‍රේණි පහත දැමීම ද සම්බන්ධ බවයි.

රජයට සහ රාජ්‍ය ආයතනවලට විශාල වශයෙන් ණය ලබා දෙන බැංකුවක් වීම නිසා ලංකා බැංකුව ද , ණය අර්බුදයට මුහුණ දෙන බව ෆිච්ට් රේටින් ආයතනය කියයි.

වසංගත තත්ත්වය නිසා විපතට පත් ව්‍යාපාර ගලවා ගැනීමේ දී ද, ලංකා බැංකුවට විශාල බරක් පැටවෙනු ඇති බව ෆිච්ට් රේටින් ආයතනය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *