මහජන උපයෝගිත කොමිසම අහෝසි කිරීම අවුල් ජාලයක් වෙයි – කොමිසම නැතිව කිසිවක් කරන්න බෑ !

පාර්ලිමේන්තුවේ පනතකින් නීතිය වෙනස් නොකර හිතුවක්කාර ලෙස මහජන උපයෝගිත කොමිසම අහෝසි කරන්නට යෑමෙන් අලුත් ප්‍රශ්න රාශියක් නිර්මාණය වන බවත් , විදුලිබල ක්ෂේත්‍රයේ අලුත් සංවර්ධන වැඩ

කිසිවක් කළ නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ක්ෂේත්‍රයේ තතු දත් අංශවලින් ‘යුක්තිය’ට දැනගන්නට ලැබී ඇත.

එයට හේතු වී ඇත්තේ , කලින් ලංකා විදුලිබල මණ්ඩලයට තිබු බලතල සීමා කොට ඉන් වැදගත් කොටසක් මහජන උපයෝගිතා කොමිසමට ලබා දීම එම කොමිසන් සභා පනත මගින් සිදුකොට තිබීම යි.

ඒ අනුව නව බලාගාර ඉදිකිරීම , විදුලි මිල දී ගැනීම් අනුමත කිරීම , ගනුදෙනු සම්බන්ධ ගිවිසුම් අනුමත කිරීම , ප්‍රමිති හඳුන්වා දීම, විදුලි බිල වැඩිකිරීමේ තීරණ අනුමත කිරීම , ආදී  බොහෝ කටයුතු සඳහා කොමිසමේ අනුමැතිය ලබාගත යුතු වෙයි. කොමිසමේ අනුමැතියකින් තොරව එම කටයුතු කළ හොත් ඒ සියල්ල නීති විරෝධී විය හැකි බව කියති.

අපගේ විශේෂඥ ආරංචි මාර්ග කියන්නේ කොමිසම විසුරුවා හැර එහි සේවකයින් වෙනත් ආයතනවලට අනුයුක්ත කළ පමණින් ඉහත කී නීතිමය තත්ත්වය අහෝසි නොවන බව යි.

ඒ අනුව , මහජන උපයෝගිතා  කොමිසම අහෝසි කොට විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ උත්සහයක් වෙතොත් එය බරපතළ නීතිමය අභියෝගයන්ට ලක්විය හැකි ය.

පාරිභෝගික  සංවිධාන මෙන් ම ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ද දැනටමත් මෙම තීරණයට තම විරෝධය ප්‍රකාශ කොට ඇත.

යුක්තිය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *