Day: December 15, 2020

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.9 කින් අඩුවෙයි : වසර 4 කින් පසු අඩු ම අගයක

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය පසුගිය මාස තුනක දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,880.70 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් හෙළිදරව් වී ඇත . මෙය සියයට 25.31 ක් පහත වැටීමක් ලෙස ගණන් බලා තිබේ.

නොවැම්බර් අවසානයේ දී , ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය සටහන් වුයේ ඩොලර් මිලියන 5,549.30 ක් වශයෙනි. එය 2017 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 5,045.52 න්  පසු වාර්තා වූ අඩුම අගය යි. කියවන්න...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට දෙන්න කැබිනට් අනුමැතිය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය  ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි .

වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්දණ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කොට ඇත. කියවන්න...