කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට දෙන්න කැබිනට් අනුමැතිය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය  ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි .

වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්දණ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කොට ඇත.

49%ක් අදානි සමාගමටත් 51%ක් ශ‍්‍රී ලංකා රජයටත් වන සේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

අදානි සමාගම යෝජනා කර ඇත්තේ ඉන්දීය රජය විසින් බවද ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සඳහා රජයට මුදල් නැතිකම නිසා ආයෝජකයන් කැදවන බවද එම මුදල් ආයෝජනය කළ හැකි දේශිය ආයෝජකයෙක් සොයා ගත නොහැකි වූ බැවින් මෙම පියවරට යාමට සිදුවූ බවද ඇමතිවරයා කියා සිටියේය.

කොළඹ වාරයේ නැගෙනහිර පර්යම්තය සංවර්ධනය ඉන්දියාවට පැවරීමට වසර ගනනාවකට පෙර සිට දෙරට එකඟ වී තිබිණ . එය කල් යාම පිළිබඳව ඉන්දියාව ඇතැම් අවස්ථාවල තම අමනාපය ද ප්‍රකාශ කළේ ය.

දැන් රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය නිසා මෙරටට තවත් ණය මුදලක් ඉන්දියාවෙන් ලබාගැනීමටත් ඉන්දීය ණය ගෙවීමට සහන කාලයක් ලබාගැනීමටත් ආණ්ඩුව උත්සහ දැරීය.

ඉන්දියාව එහි දී ප්‍රකාශ කළේ දෙරට අතර කලින් ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කරන ලෙස යි . කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම ඉන්දියාවට ලබාදීම ඉන් එක් කොන්දේසියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *