මහජන උපයෝගිතා කොමිසන් සභා නීතිය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනත සහ විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ඊයේ පැවතී කැබිනට් රැස්වීමේ දී තීරණය කළ බව වාර්තා වෙයි.
ඒ අනුව ,විදුලි බල ව්‍යාපෘති අනුමැතියේ දී මහජන උපයෝගිතා කොමිසමට තිබු බලතල ඉවත් කොට එම ආයතනය පාරිභෝගික ආරක්ෂාව , සහ විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රමිති සැකසීමට සීමා කිරීමට යෝජනා කොට තිබේ.