මාස 07කට පසු ඩොලරයේ වැඩිම රුපියල් අගය අද. විකුණුම් මිල රු. 193 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.01 ක් හා විකුණුම් මිල රු. 193.05 ක් ලෙසින් සටහන් විය.
මෙය 2020 මැයි 04 වනදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිල ගණන් වේ. එදින ඩොලරයක ගැණුම් මිල රු. 188.37 ක් හා විකුණුම් මිල රු. 194.11 ලෙසින් වාර්තා වුණි.