කොවිඩ් අස්සේ 2020 දී ඩොලර් මිලියන 800 ක විදේශ ආයෝජන ලබාගෙන – ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජෙනරාල් සංජය මොහොට්ටාල

කොවිඩ් වසංගත තත්ත්වයට රට මුහුණ දී සිටිය ද , 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 800 ක වීදෙස් ආයෝජන ලබාගත හැකි වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජනා මණ්ඩලයේ නව අධ්යක්ෂ ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා ප්‍රකාශ කරයි.
එමෙන් ම තවත් ඩොලර් මිලියන 200 ක් ලබා දීමට ගිවිසගෙන ඇති බව ද ඒ මහතා කියයි.
ඒ මහතා වැඩි දුරටත් කියන්නේ , විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට සුදානම්ව ඇති නිසා 2021 තත්ත්වය වඩාත් සුබදායි වනු ඇති බව යි.
“ ඉදිරියේ දී සංවර්ධනය කෙරෙන එක් ක්ෂේත්රයක් වන්නේ සිමෙන්ති නිෂ්පාදනය සහ ඇසුරුම් කර්මාන්තය යි. කන්කසන්තුරේ සහ හම්බන්තොට කර්මාන්තශාලා සඳහා ඩොලර් මිලියන 150 ක පමණ ආයෝජනා ලැබෙනු ඇති.” ඒ මහතා කියයි.
පුනරින් වල නව සුළං විදුලි බලාගාර දෙකක් සඳහා අපේක්ෂිත ආයෝජනය ඩොලර් මිලියන 200 කි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව සීනි කර්මාන්ත ශාලා දෙකක් සඳහා ද විදෙස් ආයෝජන බලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජෙනරාල් වරයා මෙම තොරතුරු හෙළිදරවු කොට තිබුණේ ඩේලි නිව්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.
ඡායාරුපය – ඩේලි නිව්ස්