පෞද්ගලික විදුලි බලාගාර තුනකින් දිගට ම විදුලිය ගන්න විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාතාංශය ප්‍රතික්ෂේප කරයි

පෞද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිල දී ගැනීමේ කොන්ත්‍රාත් දිගු කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කොට තිබු කැබිනට් පත්‍රිකාවකට මුදල් අමාත්‍යාංශය විරුද්ධ වී ඇති බව වාර්තා වෙයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ විදුලිය මිල දී ගැනීමේ දී විදුලි ඒකකයකට ගෙවන මිල වැඩි කොට පෙන්වා තිබීම ය.
මෙසේ මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තු අලුත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ එස් පවර් සමාගමට අයත් , ඇඹිලිපිටය , මාතර සහ පුත්තලමේ පිහිටි බලාගාර තුනකින් විදුලිය මිල දී ගැනීම සඳහා වූ ගිවිසුම් ය. මෙම බලාගාරවලින් දැනටත් විදුලිය මිල දී ගන්නා අතර එම ගිවිසුම් ලබන අප්‍රේල් මාසයේ දී අවසන් වීමට නියමිත ය. කෙසේ වෙතත් , පවතින තත්ත්වය යටතේ මෙම බලාගාර වලින් විදුලිය මිල දී ගැනීම තවත් වසරක් සඳහා දීර්ඝ කිරීමට යෝජනා වී ඇත.