පෞද්ගලික විදුලි බලාගාර තුනකින් දිගට ම විදුලිය ගන්න විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාතාංශය ප්‍රතික්ෂේප කරයි

පෞද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිල දී ගැනීමේ කොන්ත්‍රාත් දිගු කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කොට තිබු කැබිනට් පත්‍රිකාවකට මුදල් අමාත්‍යාංශය විරුද්ධ වී ඇති බව වාර්තා වෙයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ විදුලිය මිල දී ගැනීමේ දී විදුලි ඒකකයකට ගෙවන මිල වැඩි කොට පෙන්වා තිබීම ය.
මෙසේ මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තු අලුත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ එස් පවර් සමාගමට අයත් , ඇඹිලිපිටය , මාතර සහ පුත්තලමේ පිහිටි බලාගාර තුනකින් විදුලිය මිල දී ගැනීම සඳහා වූ ගිවිසුම් ය. මෙම බලාගාරවලින් දැනටත් විදුලිය මිල දී ගන්නා අතර එම ගිවිසුම් ලබන අප්‍රේල් මාසයේ දී අවසන් වීමට නියමිත ය. කෙසේ වෙතත් , පවතින තත්ත්වය යටතේ මෙම බලාගාර වලින් විදුලිය මිල දී ගැනීම තවත් වසරක් සඳහා දීර්ඝ කිරීමට යෝජනා වී ඇත.
කෙසේ වෙතත් , ඒ සඳහා විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කොට ඇති කැබිනට් පත්‍රිකාවේ දැක්වෙන්නේ මෙම බලාගාර ලීටරයක් රුපියල් 96 ක් වන “ ඔටෝ ඩීසල් “ වලින් ක්‍රියාත්මක කරන බවයි. එසේ වුවද එම බලාගාර සඳහා යොදාගනු ලබන්නේ ලීටරයක් රුපියල් 70 ක් පමණක් වන “ ෆර්නස් ඔයිල් “ ඉන්ධනය යි. එම ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවේ අතුරු නිෂ්පාදිතයක් වන අතර පිටරටින් ආනයනය කිරීමක් ද සිදුවන්නේ නැත.
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ මුල් යෝජනාවට අනුව මෙම බලාගාර තුනේ ගාස්තු වන්නේ කිලෝ වොට් පැයකට රුපියල් 19.41 ක්, 19.81 ක් සහ 19.95 ක් බවත් , එය ඩීසල් බලාගාරවලින් විදුලිය මිල දී ගන්නා රුපියල් විසි පහකට වැඩි මිලට වඩා ඉතා වාසිදායක බවත් ය.
ඒ අතර මෙගා වොට් 130 ක් ධාරිතාවක් ඩීසල් බලාගාර වලින් හදිසි මිල දී ගැනීම් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය දා අභිප්‍රාය ලිපි අත්සන් කොට ඇති බවත් , එය අඩු මිලට විදුලිය සැපයීමේ විදුලි බල මණ්ඩල පනතේ කොන්දේසිවලට පටහැනි බවත් , මෙම ගනුදෙනු ගැන වාර්තා කරමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි.
කිසියම් පිරිසක් විදුලි මිල දී ගැනීමේ ගනු දෙනු සිතා මත අවුල් කරන බවට සැකයක් ද , සන්ඩේ ටයිම්ස් එම වාර්තා මගින් මතුකොට තිබේ.
වැඩි විස්තර සඳහා