Day: December 30, 2020

කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර, විදුලි බලාගාර ඉදි කිරීම ප්‍රමාද වීම සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ඉල්ලයි.

විදුලිබලාගාර ඉදි නොකිරීම පසුපස සිටින්නේ කවුරුන් ද? ඔවුන්ගේ අරමුණු මොනවාද? ඒ සඳහා ඔවුන් අනුගමනය කරනු ලබන සැළසුම් මොනවාද? යන්න මෙන්ම දිගුකාලීන විදුලි ජනන සැලසුම් සදහා අනුමැතිය ලබා දීම සහ විදුලි බලාගාර සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රමාද කර ඇතිදැයි සොයා බැලීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් 2020.12.28 දින ලිඛිත ඉල්ලීමක් කරනු ලැබීය. එම ඉල්ලීම සමග පහත සඳහන් කරුණු ද ජනාධිපති තුමන් වෙත දැනුම් දෙනු ලැබිය.

ජනාධිපති තුමන්ගේ “සෞභාග්‍යයයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉතා සීඝ්‍ර ආර්ථික පිබීදීමකට අවශ්‍ය කරුණු සාකච්ඡා කර ඇති අතර එම ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයේ දායකත්වය ඉතා ඉහළ වේ. කියවන්න...