Month: December 2020

මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක්

මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව සහකාර අධිපතිවරුන් වන ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් මස 14 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.

ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය කියවන්න...

ශ්‍රී ලංකාවට MCC ආධාරය නොදෙන්න අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරයි ; සියෙරා ලියොන්, ක්රිබටි සහ සොලොමන් අයිලන්ඩ් රාජ්ජ්‍යයන්ට ආධාර අනුමතයි

ශ්‍රී ලංකාවට අනුමත කොට තිබු  ඩොලර් මිලියන 480 ක  ආධාරය  ලබා නොදීමට පසුගිය 15දා වොෂින්ටනයේදී රැස්වූ MCC හෙවත්  මිලේනියම් චැලේන්ජ් කොපොරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කර ඇත. එම මුදල් වෙනත් රටකට ලබාදීමට එහි දී තීන්දු කොට තිබේ . 

මුදල් අනුමත කොට තිබුණ ද එය ලබාගැනීමට ශ්‍රී ලංකාව උනන්දුවක් නොදැක්වීම නිසා මෙම තීරණය ගත්  බව MCC  නිවේදනය කොට තිබේ. කියවන්න...

ආර්ථිකයේ පසුබෑම ගැන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා නිකුත්වෙයි

2020 දෙවන කාර්තුවේ දී ආර්ථිකය 16.3% කින් පහළවැටී ඇති බවත් , එය  තෙවන කාර්තුවේ 1.5% ක වර්ධනයක් ඇත කරගත් බවත් ඒ අනුව වසරේ  මුල් මාස 09 දී ආර්ථිකයේ සමස්ත පරිහානිය 5.3% ක් බවවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්ත මේන්තුව වාර්තා කොට ඇත.

ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා ඊයේ නිකුත් වීය. වසරේ දෙවන කාර්තුව සහ තෙවන කාර්තුව සඳහා වාර්තා දෙකක් ලෙස මෙම විස්තරාත්මක වාර්තා නිකුත් කොට ඇත කියවන්න...

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.9 කින් අඩුවෙයි : වසර 4 කින් පසු අඩු ම අගයක

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය පසුගිය මාස තුනක දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,880.70 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් හෙළිදරව් වී ඇත . මෙය සියයට 25.31 ක් පහත වැටීමක් ලෙස ගණන් බලා තිබේ.

නොවැම්බර් අවසානයේ දී , ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය සටහන් වුයේ ඩොලර් මිලියන 5,549.30 ක් වශයෙනි. එය 2017 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 5,045.52 න්  පසු වාර්තා වූ අඩුම අගය යි. කියවන්න...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට දෙන්න කැබිනට් අනුමැතිය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය  ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි .

වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්දණ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කොට ඇත. කියවන්න...

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමයි

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය අද නිවේදනය කළේ ය.

ඔවුන් ශ්‍රී ලංකාවට අද ලබාදුන්නේ CCC+/C ශ්‍රේණිය යි. එය මීට පෙර ලබා දී තිබු B – සිට ශ්‍රේණියක් පහළ දැමීමකි. කියවන්න...

මහජන උපයෝගිත කොමිසම අහෝසි කිරීම අවුල් ජාලයක් වෙයි – කොමිසම නැතිව කිසිවක් කරන්න බෑ !

පාර්ලිමේන්තුවේ පනතකින් නීතිය වෙනස් නොකර හිතුවක්කාර ලෙස මහජන උපයෝගිත කොමිසම අහෝසි කරන්නට යෑමෙන් අලුත් ප්‍රශ්න රාශියක් නිර්මාණය වන බවත් , විදුලිබල ක්ෂේත්‍රයේ අලුත් සංවර්ධන වැඩ

කිසිවක් කළ නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ක්ෂේත්‍රයේ තතු දත් අංශවලින් ‘යුක්තිය’ට දැනගන්නට ලැබී ඇත. කියවන්න...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ සටහනකට යාම ප්‍රමාද කළොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව පහත වැටීම වළකන්න බෑ – ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් විශ්ලේෂකයෙක් කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග  වැඩ සටහනකට යෑම තව දුරටත් ප්‍රමාද කළ හොත් ශ්‍රී ලංකා රජයේ ණය ශ්‍රේණිය තව දුරටත් පහත වැටීම නැවැත්විය නොහැකි වනු ඇති බව , ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් විශ්ලේෂකයකු ප්‍රකාශ කොට ඇත.

මෑත කාලීනව ආර්ථික වර්ධනය අඩාල වී තිබීමත් , කොරෝනා වසන්ගතයත් නිසා රටේ රාජ්‍ය මුදල් තත්ත්වය පිරිහී ඇති බව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ජාත්‍යන්තර රාජ්‍ය මුදල් ශ්‍රේණිගත කිරීමේ අධ්‍යක්ෂ කිම් එන්ග් ටන් මහතා ප්‍රකාශ කළ බව එකොනොමි නෙක්ස්ට් වෙබ් අයිය වාර්තා කොට ඇත. කියවන්න...

ෆිච්ට් රේටින් ලංකා බැංකුවෙත් ණය ශ්‍රේණිය පහත හෙළයි

ලංකා බැංකුවට ලබා දී තිබු ණය ශ්‍රේණිය ද පහත හෙළන බව ෆිච්ට් රේටින් ආයතනය නිවේදනය කොට ඇත.

ඒ අනුව B – ලෙස පැවතී ණය ශ්‍රේණිය CCC දක්වා පහත හෙළා ඇත. මෙම ණය ශ්‍රේණිය දක්වා පහත හෙළු විට එම රජය හෝ ආයතනය සම්බන්ධයෙන් අනාගත පුරෝකතනයක් ද සිදු කරනු නොලබයි. කියවන්න...

මධ්‍යම , රුවන්පුර අධිවේගී මාර්ග කඩිනම් කෙරෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5ක කොටසේ වැඩ මේ වසර නිමවීමට පෙර ආරම්භ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී හා මාර්ග සංවර්ධනයේ දී ඉඩම් පවරා ගැනීම හා වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 40ක් වෙන් කර ඇති බවත් එය ඉතිහාසයේ වන්දි ලබා දීම සඳහා වෙන්කර ඇති විශාලතම මුදල බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. කියවන්න...