Month: December 2020

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 70 ක් අවිධිමත් රැකියාවල ; ඔවුන්ගේ සේවා තත්ත්වය සුරක්ෂිතතාවය දුර්වලයි – ලෝක බැංකු අධ්‍යයනයකින් පෙන්වා දෙයි .

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 70 ක් අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටීම දිගට ම පවතින කැපී පෙනෙන ලක්ෂණයක් බවත් , එම අංශයේ සේවකයන්ගේ , රැකියා සුරක්ෂිත බව , සමාජ සුරක්ෂිත බව , රැකියාවල පවතින දුර්වල සේවා තත්ත්වය මෙන් ම අඩු වැටුප් ලැබීම ආදී ගැටළු රාශියක් පවතින බවත් ලෝක බැංකුව නිකුත් කළ අලුත් ම අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙයි. මෙය දිළිඳු  බව දිගට පැවතීමට හේතුවක් බව ද එම වාර්තාවේ සඳහන් වෙයි .

‘අවිධිමත් බව , රැකියා තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ සුබ සාධනය’  යන ශීර්ෂය යටතේ දෙසැම්බර් 02 දින දාතමින් මෙම වාර්තාව නිකුත් කොට ඇත. කියවන්න...

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය ‘තම්බපවනී’ අද ජාතික විදුලිබල පද්ධතියට එක්වෙයි

මන්නාරමේ ඉදිකර ඇති , මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන ‘තම්බපවනී’ විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කීරීම අද (08) සිදුවිය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය විවෘත කෙරුණි. කියවන්න...

විදෙස් වලින් නිදහසේ මුදල් ගෙනත් විශේෂ තැන්පතු ගිණුම්වල යොදන්න තවත් මාස හයක කාලයක් – මහ බැංකුව නිවේදනය කරයි

 ශ්‍රී ලාංකිකයින් විදෙස් රටවල තැන්පත් කොට ඇති මුදල් මෙරට විශේෂ තැන්පතු ගිණුම්වල යෙදීමට දී තිබු කාලය ලබන අප්‍රේල් 07 දින දක්වා දීර්ග කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය අප්‍රේල් 08 දින ආරම්භ කළ මෙම වැඩ සටහන යටතේ ඔක්තෝබර් 07 දා  වනවිට  ඇමෙරිකානු ඩොලර් මිලියන 272 ක් මෙරට ගිණුම්වල තැන්පත් කොට ඇති බව මහ බැංකුව කියයි. එමගින් මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමේ හැකියාව නිසා මහා බැංකුව මෙම තීරණය ගෙන තිබේ. කියවන්න...

ජපානයේ ක්ෂේත්‍ර 14ක ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබාදීමට කඩිනම් සැලසුමක්

ජපානයේ ක්ෂේත්‍ර 14 ක් සඳහා ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් යැවීමේ වැඩ සටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාවට නැංවා ඇත.

මෙම වැඩ සටහන ක්‍රියාවට නංවා ඇත්තේ ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 ජුනි 19 දින අත්සන් තබන ලද , විශේෂිත පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වැඩ සටහන නැවත පන ගැන්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කියවන්න...

රොබෝ තාක්ෂණයට , ජෛව තාක්ෂණයට ආණ්ඩුවේ සමාගම් දෙකක් – භාණ්ඩාගාරයේ ලේකම් එස් ටී ආටිගල

රොබෝ තාක්ෂණය සහ  ජෛව තාක්ෂණය සඳහා රජයේ සමාගම් දෙකක් පිහිටුවන බව භාණ්ඩාගාරයේ ලේකම් සජිත් ටී ආටිගල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පැවසුවේ මෙම සමාගම් පිහිටුවීමේ අරමුණ වන්නේ රොබෝ තාක්ෂණය සහ , ජෛව තාක්ෂණය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කිරීම බවයි. කියවන්න...

ගුවන්තොටුපල ඉක්මනින් විවෘත කිරිමට සැලසුම් හදන්න ඉහළ පෙලේ කමිටුවක්

විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ , සංචාරක අමාත්‍යංශයේ සහ අදාළ වෙනත් ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත ඉහළපෙලේ කමිටුවක් පත්කොට තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ දින (03)  පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ. කියවන්න...

ගුවන් තොටුපල අරින්න සුදානම් – ඇමති ප්‍රසන්න රණතුංග

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබුණු වහාම ගුවන් තොටුපල විවෘත කිරීමට රජය සුදානම් බව 

සංචාරක කටයුතු ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. කියවන්න...

සියළු රාජ්‍ය ආයතන නියමිත කාල සීමාව තුළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කල යුතුයි – කෝප් කමිටුව

නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුුතු බව කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ලිඛිතව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත.

මේ අනුව තම අමාත්‍යාංශ යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට දින 150ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි සිය වාර්ෂික වාර්තා සකස් කළ යුතු බව එම ලිපියේ සඳහන් වේ. කියවන්න...

ආයෝජන සම්පුර්ණයෙන් ආරක්ෂා කිරීමට නව නීති ගෙනෙනවා – ජනාධිපති ගොඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා වැඩි වැඩියෙන් ණය ගැනීම වෙනුවට විදේශ ආයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමටත් , දේශීය ආයෝජන දිරිගැන්වීමටත් කටයුතු කරන බව කී ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ආයෝජනවලට සම්පුර්ණ ආරක්ෂාව සලසන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේ ය.

මේ වනවිට ශ්‍රී ලංකාව විශාල ණය  ප්‍රශ්නයකට මුහුණ දී ඇති බවත් , එම තත්ත්වය වෙනස් කිරීම සඳහා තව දුරටත් ණය ගැනීම වෙනුවට ආයෝජන ලබාගැනීමට කටයුතු කරන බව ද පැවසී ය. කියවන්න...

වෙළෙඳ ගිවිසුම් තුළින් ශ්‍රී ලංකාව ආනයන මෙන් තුන් ගුණයක් අපනයන වැඩිකර ගනියි.

ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති වෙළෙඳ ගිවිසුම් තුලින් මෙරටට කළ ආනයනවලට සාපේක්ෂව මෙරටින් විදේශයන්ට කළ අපනයන තුන් ගුණයකින් වැඩි කරගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම වර්ධනය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති වෙළෙඳ ගිවිසුම් හතරකිනි. එනම්, ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම , පකිස්ථාන ශ්‍රීලංකා ගිවිසුම , දකුණු ආසියා ගිවිසුම සහ ආසියා ශාන්තිකර ගිවිසුම යි. කියවන්න...