චීනයෙන් සහ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2.5 ක ණය ගන්න යයි

රටේ මුල්‍ය තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා ඩොලර් බිලියන 2.5 ක් චීනයෙන් සහ ඉන්දියාවෙන් ණයට ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි
මෙම මුදල ලබාගැනීමට යන්නේ චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක් සහ ඉන්දියාවෙන් බිලියන 1ක් වශයෙනි.
චීනයේ මහා බැංකුව වන චීන මහජන බැංකුවෙන් සහ ‘රිසව් බෑන්ක් ඔෆ් ඉන්දියා’ වෙතින් මෙම ණය ලබාගැනීම සඳහා කැබිනට අනුමැතිය ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මහා බැංකුව සහ භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටින බව ද වාර්තාවල සඳහන් ය.
රටේ විදේශ සංචිත ඉහළ දැමීමත් , රුපියල ස්ථාවර කර ගැනීමත් සඳහා මෙම පියවර ගැනීමට මහ බැංකුව කටයුතු කරමින් සිටියි.
රටේ මුල්‍ය තත්ත්වය ස්ථාවර කරගැනීම සඳහා වාණිජ ණය ලබාගැනීමට වඩා මේ අකාරයේ ණය ලබාගැනීම රටට වාසිදායක බව කියති.
රටේ විදේශ සංචිත පහළ වැටීමත් සමග රුපියලේ අගය පසුගිය දා විශාල ලෙස පහත වැටුණි. මහා බැංකුව මැදිහත් වී මේ වනවිට එය පාලනය කොට ඇතත් , දිගට ම රුපියල ආරක්ෂා කර ගැනීමට මහ බැංකුව සතුව දැනට ඇති විදේශ සංචිත ප්‍රමාණවත් නොවන බව කියති.
විදේශ ණය සහ පොලිය ගෙවීම සඳහා මේ වසරේ දී ඩොලර් බිලියන 4.5 ක මුදලක් අවශ්‍යව ඇති බැවින් රටේ විදේශ සංචිත තවත් පහළ වැටීමේ අවදානමක් පවතියි.
චීන සහ ඉන්දීය මධ්‍යම බැංකුවලින් ණය ලබාගැනීමට මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටින්නේ මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බව කියති.