රාජ්‍ය බැංකුවලින් ආණ්ඩුව රුපියල් කෝටි පනස් දහසකට වඩා ණය අරගෙන

රාජ්‍ය භාණ්ඩාගාරය බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කොටි පනස් දහස ඉක්මවා විශාල ලෙස වැඩිවී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.
පසුගිය අගෝස්තු මස අග වනවිට ආණ්ඩුව එසේ ලබාගෙන තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන 541.5 ක් හෙවත් කෝටි 54,150 කි . එය ඉතිහාසයේ වාර්තාගත ඉහළ ම අගය යි.
2019 දෙසැම්බරයේ මෙය වාර්තා වුයේ රුපියල් බිලියන 274.3 ක් හෙවත් කොටි 27,430 ක් වශයෙනි .
2020 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලයේ ලබාගත් ණය මෙයට ඇතුළත් නැති අතර එම මුදල ද බිලියන සිය ගණනක් බව කියති.
ආණ්ඩුව මෙම ණය වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ රජයට අයත් ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙනි.
පසුගිය දා ලංකා බැංකුවේ ණය ශ්‍රේණිය පහත හෙලීමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් වුයේ රජයට විශාල ලෙස ණය දී තිබීම යි.