Day: January 8, 2021

රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර – මහාචාර්ය රොහාන් සමරජීව විසිනි

අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.   

අලුත් සිතුවිලි අවශ්‍ය ඇයි? අපව පාලනය කරනු ලබන්නේ අසමත් රාජ්‍යයක් විසින්. 1930 දශකයේ මහා ආර්ථික අවපාතය හා මැලේරියා වසංගතෙයේ සිට අපගේ ජනතාවගේ ජීවිතවල ක්‍රමානුකූල වෙනස්කම් සිදුවුණා. ගෝලීය ආර්ථික අර්බුදයේ හා දේශගුණික විපර්යාසයේ ස්වභාවය නිසා ඒවා තවදුරටත් තිරසර අන්දමින් කරන්නට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ දුර්වල රජය අවස්ථා පාවිච්චි කරන්නට පමණක් නොවෙයි, හානි අවම කරන්නට පවා අසමත් වන බව ඔප්පු කරමින් ඉන්නවා. කියවන්න...

රාජ්‍ය සේවාවන්හි වත්මන් සංකීර්ණ නීති රෙගුලාසි සරල කිරීමට කොමිසමක්

 පවත්නා සංකීර්ණ  නීති හා රෙගුලාසි සරල  කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසමක් පත්කර ඇත.. මෙම කොමිසම සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.

හිටපු ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු කොමිසමේ සම සභාපතිවරුන් ලෙස පත්කර ඇති අතර කොමිසමේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතාන මහතා පත්කොට තිබේ.. කියවන්න...