රාජ්‍ය සේවාවන්හි වත්මන් සංකීර්ණ නීති රෙගුලාසි සරල කිරීමට කොමිසමක්

 පවත්නා සංකීර්ණ  නීති හා රෙගුලාසි සරල  කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසමක් පත්කර ඇත.. මෙම කොමිසම සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.

හිටපු ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු කොමිසමේ සම සභාපතිවරුන් ලෙස පත්කර ඇති අතර කොමිසමේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතාන මහතා පත්කොට තිබේ..

ආයෝජන හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ  ක්ෂේත්‍රවලට අදාලව චක්‍රලේඛ, අවසර පත්, බලපත්‍ර නිකුත් කිරීමේ දී අනුගමනය කරන පටිපාටි ආදිය  විධිමත් කිරීම මෙම ජනාධිපති කොමිසමට පැවරෙන ප්‍රධාන කාර්යයක් වෙයි.

කොමිසමට පැවරෙන කාර්යයන් ඉටු කිරීම සඳහා දින 90 ක කාලයක් ලබාදී ඇති අතර ඊට අවශ්‍ය උපදෙස් රාජ්‍ය ආයතන වෙත ලබාදීමේ බලය කොමිසමට පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *