රුපියලේ අගය යලි පහතට !

ශ්‍රී ලංකා රුපියලේ අගය යලි පහත වැටී ඇති බව වෙළෙඳපොළ වාර්තා කියයි .
පසුගිය සිකුරාදා ඇමෙරිකන් ඩොලරයක් රුපියල් 191 ත් 192 ත් අතර අගයක් වාර්තා කළ අතර ඊයේ එය සටහන් වී ඇත්තේ 192 ත් 193 ත් අතර අගයක් වශයෙනි.
දෙසැම්බරයේ දී ඩොලරයක් රුපියල් 194 දක්වා පහත වැටුණු අතර මහ බැංකුව මැදිහත් වී එම අගය 187 දක්වා අඩුකර ගත්තේ ය.
ඒ අවස්ථාවේ මහ බැංකුව ප්‍රකාශ කළේ ජනවාරි මස මැද වනවිට රුපියල යලි ශක්තිමත් වනු ඇති බව යි.