සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට යුරෝපා සංගමයෙන් ශ්‍රි ලංකාවට රු.බිලියන 8.26 ක ආධාර

ශ්‍රි ලංකාවේ අධිකරණ ක්ෂ්ත්‍රයට සහාය වීම ,ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වැඩපිළිවෙලට සහාය දීම වෙනුවෙන් රුපියල් බිලියන 8.26 ක ආධාර මුදල් පිරිනැමීම සඳහා ශ්‍රි ලංකාව සමඟ ගිවිසුම් තුනක් අත්සන් කිරීමට යුරෝපා සංගමය පසුගියදා කටයුතු කළේය

මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ මෙරට දුත මණ්ඩල තනාපති ඩෙනිස් ෂයිබි ද ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු දූත පාරිසක් සහභාගී විය

යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාවට පිරිනමන සහයෝගීතාව ,දැඩි මිත්‍රශිලි සබඳතාව හා සහාය පිළිබඳව භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතා මෙහිදී අගය කළේය

මෙම ගිවිසුම් ත්‍රිත්වයෙන් ලැබෙන මුදල් මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම ,හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හා ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීමටත් ,උසස් තත්ත්වයෙන් යුතු අපනයන භාණ්ඩ නිපදවීමේත් ශ්‍රි ලංකා රජයේ වැඩපිළිවෙළට විශාල ශක්තියක් වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *