රනිල් අගමැති ලෙස මුල්ගල තැබූ දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් ඊයේ විවෘත වෙයි

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම’ (Ferentino Tyre Corporation PVT Ltd) ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරිණි.හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබෙන අතර මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර තිබේ.