Day: January 29, 2021

මහ බැංකුව රුපියල ගොඩගන්න ගිහින් ව්‍යාපාරිකයින් අමාරුවේ

දිගින් දිගට පහත වැටෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු වටිනාකම රැක ගැනීමේ පියවරක් ලෙස  ඉදිරි වෙළෙඳ ගිවිසුම් සඳහා ඩොලර් නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු වාණිජ බැංකු වලට නියෝග කිරීම නිසා අපනයන ආනයන වෙළෙදාමේ යෙදෙන ව්‍යාපාරිකයින් මෙන් ම කර්මාන්ත කරුවන් ද අපහසුතාවයට පත්ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

ඉදිරි වෙළෙඳ ගිවිසුම්වලට එලබීමට නොහැකි වීම නිසා ආනයන අපනයන ව්‍යාපාරිකයෝ අපහසුතාවයට පත්ව සිටිති. කියවන්න...

කෝටි 200ක වියදමින් කටුනායක කලුදියවල හරිත කර්මාන්තපුරයේ වැඩ කඩිනමින් ඇරඹීමට සූදානම්- කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කටුනායක, කලුදියවල රජයේ ඉඩමෙහි අක්කර 100කට අධික භූමිභාගයක හරිත කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බවත් කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2000කට අධික පිරිවැයක් යොදවා ජලය, විදුලිය හා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතව එම භූමිය පරිසර හිතකාමීව සංවර්ධනය කර බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ඉල්ලුම් කර ඇති ආයෝජකයන්ට ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කියවන්න...