Month: February 2021

දිළිඳුකම පිටු දැකිය හැක්කේ ව්‍යාපාර සහ ලාභ වර්ධනය කිරීමෙන් පමණයි – පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්

තමන් දේශපාලනයට පැමිණීමේ එක ම අරමුණ දිළිඳු බව තුරන් කිරීම බවත් , ඒ සඳහා සුබසාධන රාජ්‍යයක් අවශ්‍ය බව තමා  කල්පනා කළ බවත්, දිළිඳු බව තුරන් කළ හැක්කේ ව්‍යාපාර සහ ලාභාදයකත්වය වර්ධනය කරමින් ධනය නිපදවා  එම ධනය දිළිඳු බව තුරන් කිරීමට යොදා ගැනීමෙන් බවත්, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා කොළඹ දී ප්‍රකාශ කළේ ය.

තමා බලයට පත්වීමට පෙර දශක ගණනාවක් පකිස්ථානයේ පැවතියේ ව්‍යාපාරවලට සහ ලාභයට එරෙහි මතවාදයක් බවත්, නිලධාරී තන්ත්‍රය ක්‍රියා කළේ ව්‍යාපාර සහ ලාභවලට සතුරු ආකල්පයකින් බවත්, තමන් එම ආකල්පය වෙනස් කළ බවත් , පකිස්ථාන අගමැතිවරයා පැවසීය . කියවන්න...

අද (23 )කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (23) පස්වරු 1.28 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය.

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. කියවන්න...

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට දෙන්න ඉන්දියාව එකඟ වී නෑ !

ඉන්දියානු තෙල් සමාගමට ( IOC ) ගිවිසුමකින් පවරා  ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කිසිදු එකඟත්වයක් පල කොට නැති බව ඉංදීය රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් වරයා එයට එකඟ වූ බව යි, එසේ වුව ද ඉන්දීය මහ කොමසාරිස්  කාර්යාලය ඒ පිලිබඳව කිසිවක් ප්‍රකාශ කොට නැත. කියවන්න...

ආයෝජනයට ඉඩ නැති කොළඹ නැගෙනහිර ජැටිය

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම්පර්යන්තයේ එකම හිමිකරුවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය බවට පත් වන්නේය යනනිවේදනය බොහෝ අය සතුටින් පිළිගත්හ. ඇතැම්හු සිය මතෘභූමියේ විශිෂ්ටජයග්‍රහණයක් ලෙස ද සැලකූහ. මෙම නිවේදයන කන වැකෙන තුරු අපගේ ජාතික දේපලවිකිණීමට පෙළඹිය යුතු නොවන්නේ මන්ද යන්න ගැනත් රටේ ස්වෛරීභාවය හා ජාතිකආරක්‍ෂාව පවා අනතුරට ලක්ව ඇති බවත් කියවෙන පුවත් විශේෂාංගවලින් අපි වැසී උන්නෙමු.

මෙසේ වූයේ ලෝකය පුරා පවතින වරායවලින් සියයට 80 කට වඩා විදේශ ආයෝජන මත පදනම් වූ හවුල් ව්‍යාපාර හරහා මෙහෙයුම් හා සංවර්ධන කටයුතු සිදු වෙද්දී ඒ ගැන නොතකමිනි. කොළඹ වරායේ දැනට පවතින පර්යන්තවලින් දෙකක් මෙහෙයුම් සිදු වන්නේ විදේශීය ආයෝජකයන්ගේ මැදිහත් වීමෙනි. ඒවා අති සාර්ථක ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ලාභය ඉහළ නැංවීමට මෙම ලිපියේ පසුව පෙන්වා දෙන ආකාරයෙන් පැහැදිලි වෙයි. කියවන්න...

අර්ථශාස්ත්‍ර 2: රාජ්‍යය ප්‍රමුඛතාවය දියයුත්තේ කුමටද? – මහාචාර්ය රොහාන් සමරජීව

දේවල් කීපයක් හොඳින් කරන, පොදු ජනතාවට ස්ථාවරත්වය දෙන, අනෙක් අය වෙනුවෙන් ධනය හා රැකියා නිර්මාණය කරන අය බැහැර නොකරන රජයක් පිළිබඳ සමාරම්භක කොලමේ සඳහන් කළා. එය තමයි අප අරගල කළ යුතු අරමුණ. ශ්‍රී ලංකාවේ රජය විසින් හොඳින් කළ යුතුව තිබෙන දේවල් කීපය මොනවාද?

රජයේ මූලික කාර්යයන් පිළිබඳ එකඟත්වයක් නිර්මාණය කරගැනීම උදෙසා දේශපාලන සංවාදයක් ගොඩනගන්නට පහත දැක්වෙන නිර්ණායක ප්‍රයෝජනවත් වේවි. කියවන්න...

මහ බැංකු වෙන්දේසියේ දී බැඳුම්කර සියයට හැට පහක් විකුණාගත නොහැකි වෙයි

පෙරේදා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියේ දී ඉදිරිපත් කොට තිබු බැඳුම්කර වලින් සියයට හැට පහක් විකුණාගත නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

වෙන්දේසිය සඳහා බිලියන 40 ක් වටිනා බැඳුම්කර ඉදිරිපත් කොට තිබුන ද විකිණී ඇත්තේ බිලියන 13. 92 ක් වටිනා බැඳුම්කර ප්‍රමාණයක් පමණකි. කියවන්න...

ඉදිරි මාස හයේ ආර්ථිකයේ තත්ත්වය අවදානම් , මුල්‍ය අරමුදලේ ආධාර ලබාගත යුතුයි – පාත්ෆියින්ඩර් පදනම

ඉදිරි මාස හයේ ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් අවදානම් සහගත තත්ත්වයට පිරිහී යා හැකි බව කියන පිළිගත් බුද්ධි මණ්ඩලයක් වන පාත්ෆයින්ඩර් පදනම රජය මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර වැඩ සටහනකට එලබීම වඩා සුදුසු බව ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර අවසානය වනවිට මෙරට වීදේශ සම්පත් පැවතියේ ඩොලර් බිලියන 5.7 ක මට්ටමේ ය. ඉන්දියාවෙන් ලබාගත් මිලියන 400 ක ණය මුදල පෙබරවාරියේ ගෙවීමට තිබිණි. කියවන්න...

දකුණු ආසියාවේ දිගම වාරි උමඟේ ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

උතුරු මැද පළාතේ මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර වශයෙන් ආසියාවේ දිගම වාරි උමඟේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පලුගස්වැවදී ඊයේ (05) ආරම්භ කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එහි සමරු ඵලකය ජනාධිපතිවරයා විසින් නිරාවරණය කරන ලද අවස්ථාව. ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, එස්. එම්. චන්ද්‍රසේන, සිරිපාල ගම්ලත්, චන්න ජයසුමන මහත්වරුද මෙහි වෙති. කියවන්න...

ශ්‍රී ලංකාව පසුගිය වසරේ රුපියල් කොටි පනස්දහස් පන්සීයක මුදල් අච්චු ගහලා ; බැංකුවලින් කොටි එක ලක්ෂ හැත්තෑ දහසක් අරගෙන

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ රුපියල් කොටි පනස් දහස් පන්සියයක් වටිනා මුදල් නෝට්ටු අලුතින් වෙළෙඳපොළට මුදාහැර  ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. මෙය ඉතිසාහයේ වාර්තාගත දැවැන්ත වැඩිවීමකි.

එමෙන් ම, පසුගිය වසරේ රජය බැංකුවලින් ණයට ගෙන ඇති මුදල රුපියල් කොටි එක් ලක්ෂ හැත්තෑ දහසකි . එය ද වාර්තාගත වැඩිවීමකි. එම සංඛ්‍යාව දල දෙසිය නිෂ්පාදිතයෙන් සියයට 11 ක් තරම් වෙයි. කියවන්න...