මහ බැංකු වෙන්දේසියේ දී බැඳුම්කර සියයට හැට පහක් විකුණාගත නොහැකි වෙයි

පෙරේදා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියේ දී ඉදිරිපත් කොට තිබු බැඳුම්කර වලින් සියයට හැට පහක් විකුණාගත නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

වෙන්දේසිය සඳහා බිලියන 40 ක් වටිනා බැඳුම්කර ඉදිරිපත් කොට තිබුන ද විකිණී ඇත්තේ බිලියන 13. 92 ක් වටිනා බැඳුම්කර ප්‍රමාණයක් පමණකි.

එහිදී මාස තුනක් ( දින 91 ක් ) සඳහා වූ බැඳුම්කර වැඩි වශයෙන් විකිණී ඇති නමුත් මාස හය ( දින182 ) සහ මාස 12 ක් ( දින 364 ) සඳහා බැඳුම්කර අලෙවිය ඉතා දුර්වල වූ බව වාර්තා වෙයි .

මාස තුනේ බැඳුම්කර බිලියන 7 ක් අලෙවියට ඉදිරිපත් කොට තිබු අතර විකුණු සංඛ්‍යාව බිලියන 11.54 කි.

බ්ලියන 5  ක මාස හයේ බැඳුම්කර ඉදිරිපත් කළ ද විකුනාගත හැකි වී ඇත්තේ බිලියන 0.7 ක් වටිනා බැඳුම්කර ප්‍රමාණයකි.

වසරකින් කල් පිරෙන බැඳුම්කර බිලියන 28 ක් වෙන්දේසියට ඉදිරිපත් කොට තිබිණි. එයින් විකිණී ඇත්තේ බිලියන 1.7 සඳහා වූ ප්‍රමාණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *