ආයෝජනයට ඉඩ නැති කොළඹ නැගෙනහිර ජැටිය

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම්පර්යන්තයේ එකම හිමිකරුවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය බවට පත් වන්නේය යනනිවේදනය බොහෝ අය සතුටින් පිළිගත්හ. ඇතැම්හු සිය මතෘභූමියේ විශිෂ්ටජයග්‍රහණයක් ලෙස ද සැලකූහ. මෙම නිවේදයන කන වැකෙන තුරු අපගේ ජාතික දේපලවිකිණීමට පෙළඹිය යුතු නොවන්නේ මන්ද යන්න ගැනත් රටේ ස්වෛරීභාවය හා ජාතිකආරක්‍ෂාව පවා අනතුරට ලක්ව ඇති බවත් කියවෙන පුවත් විශේෂාංගවලින් අපි වැසී උන්නෙමු.
මෙසේ වූයේ ලෝකය පුරා පවතින වරායවලින් සියයට 80 කට වඩා විදේශ ආයෝජන මත පදනම් වූ හවුල් ව්‍යාපාර හරහා මෙහෙයුම් හා සංවර්ධන කටයුතු සිදු වෙද්දී ඒ ගැන නොතකමිනි. කොළඹ වරායේ දැනට පවතින පර්යන්තවලින් දෙකක් මෙහෙයුම් සිදු වන්නේ විදේශීය ආයෝජකයන්ගේ මැදිහත් වීමෙනි. ඒවා අති සාර්ථක ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ලාභය ඉහළ නැංවීමට මෙම ලිපියේ පසුව පෙන්වා දෙන ආකාරයෙන් පැහැදිලි වෙයි.