Day: February 24, 2021

දිළිඳුකම පිටු දැකිය හැක්කේ ව්‍යාපාර සහ ලාභ වර්ධනය කිරීමෙන් පමණයි – පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්

තමන් දේශපාලනයට පැමිණීමේ එක ම අරමුණ දිළිඳු බව තුරන් කිරීම බවත් , ඒ සඳහා සුබසාධන රාජ්‍යයක් අවශ්‍ය බව තමා  කල්පනා කළ බවත්, දිළිඳු බව තුරන් කළ හැක්කේ ව්‍යාපාර සහ ලාභාදයකත්වය වර්ධනය කරමින් ධනය නිපදවා  එම ධනය දිළිඳු බව තුරන් කිරීමට යොදා ගැනීමෙන් බවත්, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා කොළඹ දී ප්‍රකාශ කළේ ය.

තමා බලයට පත්වීමට පෙර දශක ගණනාවක් පකිස්ථානයේ පැවතියේ ව්‍යාපාරවලට සහ ලාභයට එරෙහි මතවාදයක් බවත්, නිලධාරී තන්ත්‍රය ක්‍රියා කළේ ව්‍යාපාර සහ ලාභවලට සතුරු ආකල්පයකින් බවත්, තමන් එම ආකල්පය වෙනස් කළ බවත් , පකිස්ථාන අගමැතිවරයා පැවසීය . කියවන්න...