Month: March 2021

රුපියලේ වැටීම නවතන්න බැරි වෙයි. ඩොලරය රුපියල් 202 ත් පනී

ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණ වීම තවදුරටත් සිදුවෙමින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේ රුපියල් 202 ඉක්මවා ඉහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහා බැංකුව අද නිකුත් කළ සංඛ්‍යා ලේඛන අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 202.04 ක් වශයෙනි. කියවන්න...

ජපන් ආධාර එපා කියූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙන අය සමග කරන්න කැබිනට් අනුමැතිය

වියදම් වැඩි බව කියමින් හදිසියේ නවතා දමන ලද, ජපානයේ සහන ණය යටතේ කරන්නට සැලසුම් කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙනත් පාර්ශවයන් සමග ගිවිසුම් ගත වී ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග හතරක් ඉදි කිරීමට නියමිතව ඇත. කණු මතින් දුවන සැහැල්ලු දුම්රිය වන මෙම මාර්ග ඉදි කිරීමට යන්නේ රාගම සිට කොළඹ , මොරටුව සිට කැලණිය, කොට්ටාව සිට තලවතුගොඩ හරහා හුණුපිටිය සහ අතුරුගිරියේ සිට රාජගිරිය හරහා කොටුව වශයෙන් මාර්ග හතරක් ලෙස ය. කියවන්න...

රුපියල පහලටම බසී ; ඉතිහාසයේ අඩු ම අගය අද

රුපියලේ අගය පහල යාම තව දුරටත් සිදුවෙමින් අද එය ඩොලරයකට රුපියල් 201.77 ක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා තහවුරු කරයි.

අද වාර්තා කොට ඇත්තේ රුපියල ඉතිහාසයේ වාර්තා කළ අඩු ම අගය යි. මීට පෙර වාර්තා වී තිබු අඩු ම අගය මාර්තු 17 ද වාර්තා වී ඇත්තේ ඩොලරයකට රුපියල් 201.75 ක් වශයෙනි. කියවන්න...

රුපියලේ අගය තවත් පහළට

ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව අද (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 60ක් ලෙස සටහන් වූ බවයි. කියවන්න...

චීනයෙන් ඩොලර් බිලියන 1.5ක් ණය ගන්න වසරතුනක ගිවිසුමකට අත්සන් තැබෙයි

චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. කියවන්න...

අර්ථශාස්ත්‍ර 3: ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකටද? ( 2 කොටස) – රොහාන් සමරජීව

එන්නත, භූගත ජලය, පොදු ප්‍රවාහනය හා තැපැල් සේවා යනාදිය

වර්තමානයේ, ශ්‍රී ලංකා රාජ්‍යය බොහෝ දේ නරක ලෙස කරයි. ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබියදී පවා, පිළිවෙලකට එන්නත ලබාදීම සඳහා සූදානම් වන්නට මාස ගණනක් ලැබී තිබුණත්, එන්නත පිළිවෙලකට ලබාදීමට රජය අසමත් වී තිබේ. පොදු ප්‍රවාහනය සංවර්ධනය කිරීම අමතක කර දමා ඇති එය අධිවේගී මාර්ග ඉදිකරයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ බොහෝ දේ හොඳින් කරන රාජ්‍යයකි. අවම වශයෙන්, රාජ්‍යය දේවල් කිහිපයක්වත් හරියට කළ යුතුය. ශ්‍රී ලංකා රජය විසින් හොඳින් කළ යුතුව තිබෙන දේවල් කීපය මොනවාද? ඉතා ඉහළ ප්‍රමුඛතාවක් සහිත සේවා සම්පාදනයෙන් පසු එයට අඩු ප්‍රමුඛ කාර්යයන් ආරම්භ කළ හැකිය. කියවන්න...

2020 සියයට 3.6 ක අර්ථික පසු බැස්මක්

2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ  සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම් කරන බව 2020 වසර සඳහා වන ජාතික ගිණුම් ප්‍රකාශයට පත් කරමින්  ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

2020 වසරේ තුන්වැනි කාර්තුවේදී සියයට 1.3ක ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද සංඛ්‍යා ලෝඛන දෙපාර්තමේන්තුව කියයි. කියවන්න...

ඩොලරය රු. 200 පනියි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව දක්වා ඇත. මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ.

මේ අතර ලංකා බැංකුවට අනුව අද දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි. එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම් මිල රු. 202.14 ක් ලෙසින්, ලංකා බැංකු නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ. කියවන්න...

ජිනීවා යෝජනා සම්මත වුවහොත් බලපෑම අපනයන වෙළෙඳපොළටයි – ආචාර්ය නිමල් සඳරත්න

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්මත වුවහොත් ශ්‍රී  ලංකාවට බලපෑම සිදුවිය හැක්කේ අපනයන වෙළෙඳපොළේ  දී බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිමල් සදරත්න මහතා කියයි. මෙම යෝජනාවේ ප්‍රතිපාදන ක්‍රියාවට නැගීම සඳහා එක් එක් රටවල් වෙන වෙනම ක්‍රියාත්මක විය හැකි බවත් , ඇමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය , යුරෝපා සංගමය සහ ජර්මනිය එයට පෙරමුණ ගත හැකි බවත්  ආචාර්ය නිමල් සඳරත්න මහතා පවසයි.

මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන් බලපාන්නේ අප රටේ අපනයන වෙළෙඳපොළ ප්‍රධාන වශයෙන් ඇත්තේ මෙම රටවල නිසා ය. කියවන්න...

චීනයෙන් බිලියන 1.5 ක ණය ලැබුණත් රුපියල තව වැටෙයි

ශ්‍රී ලංකා ආණ්ඩුව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයට පිළියම් ලෙස චීනයෙන් ඉල්ලා සිටි ඩොලර්

බිලියන 1.5 ක් ණය මුදල ලබාදෙන බව චීනය ප්‍රකාශ කළ පසුව ද රුපියලේ අගය තව දුරටත්  කියවන්න...