Day: March 4, 2021

ආණ්ඩුව බිලියන පහක් ණය ඉල්ලුවත් ශතයක් වත් තව ම ලැබී නැහැ – චීනයත් කල් මරයි

චීනය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකින් ආණ්ඩුව ඩොලර් බිලියන පහක පමණ ණය ඉල්ලා ඇතත් එම ණය කිසිවක් මේ වනතෙක් ලැබී නැති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කිය යි.

ඉන්දියානු රජයෙන් ඩොලර් බිලියනයක් සහ චීන රජයෙන් ඩොලර් බිලියන 1.5 ක් රජයෙන් රජයකට දෙන අතමාරු ලෙස රජය ඉල්ලා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. එම මුදල් ජනවාරි මාසයේ ලැබෙනු ඇති ආණ්ඩුව අපේක්ෂා කළේ ය. කියවන්න...

වතු කම්කරු වැටුප පඩි පාලක සභාවෙන් ගැසට් කළොත් සාමුහික ගිවිසුම්වලින් ඉවත් වෙනවා – වතු සමාගම් කියයි

“නීති දෙකකින් පාලනය කරන්න බැහැ”

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් ලෙස, තමන්ගේ විරෝධය මැද, පඩි පාලක සභා නීතිය යටතේ ගැසට් කළ හොත් මෙතෙක් සේවක වැටුප් සහ වරප්‍රසාද තීරණය කළ සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීමට කටයුතු කරන බව වතු සමාගම් ප්‍රකාශ කොට ඇත.

වතු සමාගම් කියන්නේ නීති දෙකකින් වතු පාලනය කළ නොහැකි බව යි. ආණ්ඩුව සහ වතු වෘත්තීය සමිති වතු පාලනයට පඩි පාලක සභා නීතිය යොදා ගන්නේ නම් සාමුහික ගිවිසුම් නීතිය අවශ්‍ය නොවන බව වතු සමාගම් කිය යි. කියවන්න...

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනයට අපේ සම්බන්ධයක් නැහැ – ඉන්දියාව කියයි

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට  ශ්‍රී ලංකා රජය ගත්  බව කියන තීරණයට තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දියානු රජය ප්‍රකාශ කරන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ව්‍යාපෘතියට ආයෝජකයකු නම් කිරීමක් ඉන්දියාව විසින් සිදු නොකළ බව යි. ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශය ගැන තමා  පුදුම වන බව ද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත. කියවන්න...