වතු කම්කරු වැටුප පඩි පාලක සභාවෙන් ගැසට් කළොත් සාමුහික ගිවිසුම්වලින් ඉවත් වෙනවා – වතු සමාගම් කියයි
“නීති දෙකකින් පාලනය කරන්න බැහැ”

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් ලෙස, තමන්ගේ විරෝධය මැද, පඩි පාලක සභා නීතිය යටතේ ගැසට් කළ හොත් මෙතෙක් සේවක වැටුප් සහ වරප්‍රසාද තීරණය කළ සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීමට කටයුතු කරන බව වතු සමාගම් ප්‍රකාශ කොට ඇත.
වතු සමාගම් කියන්නේ නීති දෙකකින් වතු පාලනය කළ නොහැකි බව යි. ආණ්ඩුව සහ වතු වෘත්තීය සමිති වතු පාලනයට පඩි පාලක සභා නීතිය යොදා ගන්නේ නම් සාමුහික ගිවිසුම් නීතිය අවශ්‍ය නොවන බව වතු සමාගම් කිය යි.
මේ දක්වා වතු කම්කරු වැටුප් , විවිධ දීමනා සහ වෙනත් වරප්‍රසාද තීරණය කරන ලද්දේ සාමුහික ගිවිසුම් මගින් ය. සාමුහික ගිවිසුම්වලින් සමාගම් ඉවත් වුවහොත් එමගින් එකඟ වී ඇති අනෙක් වරප්‍රසාද කම්කරුවන්ට අහිමි වෙයි.
වතු සමාගම් කියන්නේ ආණ්ඩුවේ මැතවරණ පොරොන්දු ඉටු කිරීමට කම්කරු වැටුප් වැඩි කළ හොත් තමන්ට වතු පවත්වාගෙන යා නොහැකි වන බව යි.