සොරකම් කළ නිදහස

” ශ්‍රී ලංකාවට සිගප්පුරුවක් වෙන්න බැරි ඇයි ? ” – බෙල්වෙදර් විග්‍රහය ( සෙවන කොටස )

බ්‍රතාන්‍ය නැගෙනහිර ඉන්දියානු සමාගමේ ඒකාධිකාරය සහ ආරක්ෂණය ( එය ඕලන්ද නැගෙනහිර ඉන්දීය සමාගමෙන් උරුම වුවකි )  යටත් විජිත සිවිල් සේවා නිලධාරීන් විසින් 19 වන සියවසේ දී බිඳ දැමීමෙන් පසුව ශ්‍රී ලංකාවට ආර්ථික නිදහස හිමි වීය.

1948 දී ස්වයං තීරණ අයිතිය හිමිවීමෙන් පසුව , ශ්‍රී ලංකාවේ ප්‍රධානී ෆෙස්ටස්ලා සහ රාජ්‍ය ආයතන ක්‍රමානුකුලව නිදහස සොරකම් කරන ලද්දේ , 1951 න් පසුව හිගයන් ඇතිවීමට පටන්ගැනීමත් සමග විදේශ විනිමය රැකගැනීම ආරක්ෂා කිරීමේ සාධාරණීකරණය යටතේ ය.

ආයාත ආදේශනය දේශනා  කරන දේශපාලනඥයන්ට ප්‍රධානී ෆෙස්ටස්ලා ප්‍රචාරක වියදම් සැපයුව නිසා පමණක් නොව පසුව මෙය සංසිද්ධියේ ගාමක බලවේගය බවට ද පත්වීය.

දුප්පත් ජනයා ආයාත ආදේශනය යටතේ සුරාකෑම සඳහා මතවාදී සහය සපයන ලද්දේ, බටහිර මට්ටමට පැමිණීමට රාජ්ජයෙන් මෙහෙයවනු ලබන කාර්මිකකරණයක් ප්‍රචාරය කළ , ආජෙන්ටිනා මහ බැංකුවේ නිර්මාතෘ රාවුල් ප්රෙබිස්ච් වැන්නන් විසිනි.

ප්රෙබිස්ච්ගේ බලපෑමට ලක් වූ සහ ෆෙඩරල් රිසර්ව් හි රොබර්ට් ට්‍රිෆින් ගේ මග අනුගමනය කළ නරක මහ බැංකු සහිත බොහෝ ලතින් ඇමෙරිකානු රටවල ආයාත ආදේශනය ස්වාභාවිකව ම අවසන් වුයේ මුදල් මුද්‍රණය කිරීමෙන් විදේශ විනිමය හිගවීමෙනි.

ශ්‍රී ලංකාවේ ද දිගින් දිගට ඇතිවන විදේශ විනිමය හිගය ආරම්භ වන්නේ ජෝන් එස්ටර් විසින් 1950 දී ලතින් ඇමෙරිකානු ක්‍රමයේ මහා බැංකුවක් බිහි කිරීමෙන් පසුව ය.

ප්‍රශ්නයට හේතුව වන මහ බැංකුව පිලිබඳ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැතිව මහජනයාට කියන්නේ ඔවුන් විදේශීය භාණ්ඩ අමතක කොට,දිගින් දිගට ඉහළ මිලක් ගෙවීම මගින් තම සාක්කු හිස් කිරීමට වෙනත් තැනක තරඟකාරී නොවන ‘දේශීය’ නිෂ්පාදකයින්’ට ඉඩ දිය යුතු බව යි.

පරායක්තතා න්‍යාය – ව්‍යුහවාදය  

කෙසේ වෙතත් , ප්රෙබිස්ච් වැන්නන් විසින් ගොඩනගන ලද දර්ශනය වඩා පුළුල් ය.

උදාහරණයක් ලෙස ප්රෙබිස්ච් – සිංගර් ප්‍රවාදය මගින් ප්‍රකාශ කළේ ප්‍රාථමික භාණ්ඩ නිර්යාත කරන රටවල් අවාසිදායක තත්ත්වයක සිටින බව ( දෙවන ලෝක යුද්ධයට පෙර මහා අවපාතය පැවතී අතර, එක්සත් ජනපදයේ ණය බිඳවැටීමත් සමග භාණ්ඩ  මිල බිඳ වැටුණි.) සහ එම රටවලට කාර්මික රටවල් මත පරායක්තවීමට සිදුවන බව යි.

මධ්‍යය සහ පරිවාරය යයි දෙකක් ඇති බව මෙම මතය දැරුවෝ ප්‍රකාශ කළ හ.

ඇත්තට ම සිදුවුයේ මහා අවපාත සමයේ ගොවිබිම් වසා දමන විට , එක්සත් ජනපදයේ කර්මාන්ත ශාලා ද බිඳ වැටී අති විශාල රැකියා විරහිත භාවයක් ඇතිවීම යි.

ලතින් ඇමෙරිකාවේ බහුජාතික සමාගම් රකුසකු ලෙස පෙන්නුම් කරන ලද්දේ ,විශේෂයෙන් ම , බොස්ටන් පලතුරු සමාගම වැනි සමාගම්වල ක්‍රියා හේතුවෙනි.

මුදල් ඒකක බිඳ වැටෙන විට සහ මහ බැංකු මගින් ජීවන වියදම් ඉහළ දමන විට , සමාජවාදීන් බලයට පැමිණීමත් ඇමෙරිකානු විරෝධය වර්ධනය වීමත් සිදු වීය.

පසු කාලයේ මුදල් ඒකක අවප්‍රමාණ වීම මගින් වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ දිගින් දිගට අඩපන කළ චිලිය වැනි රටවලින් නව ලිබරල්වාදයට එරෙහිව පසුපසට යාමක් සිදුවීය. සන්තියාගෝ නුවර විද්වත්හු ප්රෙබිශ්ච්වාදයේ රසික සමාජයක් බවට පත්වුහ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( මුලින් නව බෙදාහැරීමේ නියෝජිතයකු වූ )  කළේ මහ බැංකු සම්බන්ධ ප්‍රශ්නය විසඳන්නේ නැතිව “ අධි වටිනාකමකට ලක් වූ “  මුදල් ඒකක වැනි අදහස් අනුව කටයුතු කරමින් මුදල් අවප්‍රමාණ කිරීමට සහය දැක්වීම යි.

මුදල් අවප්‍රමාණ වීමෙන් සෑම මුල්‍ය ප්‍රතිසංවිධානයක් ම අසාර්ථක වීය.

දිගින් දිගට අවප්‍රමාණ කළ ද මෙම රටවල තිබෙන බව ඔවුන් කී  අධි වටිනාකම් නියමවීම අවසන් වුයේ නැත.

පරායක්තතා න්‍යාය නැතහොත් ‘ගෝලීය දකුණ’ ගැන කතාකිරීම මගින් හීන මානයෙන් පෙලෙන උදවිය පෙලම්බවීමකට ලක් කළ හැකි වූ අතර “ සුදු මිනිසුන් “ කියන උදවියට තමන්ට කළ නොහැකි දේ කළ හැකි යයි විස්වාස කිරීමට ඔවුන් පොළඹවනු ලැබී ය.

ප්‍රේබිස්ච් ප්‍රතික්ෂේප කිරීම 

සිංගප්පුරුව මෙම අදහස් ප්‍රතික්ෂේප කළේ ය.

“ හේතුවාදී විග්‍රහයකට සහ අපගේ ම අත්දැකීම්වලට නොගැලපෙන විට සිංගප්පුරුව සම්ප්‍රදායික අදහස් ප්‍රතික්ෂේප කළේ ය.” යි අගමැති ලී පැවසීය.

“ උදාහරණයක් ලෙස ඇමෙරිකන් විරෝධීවීම සහ බහු ජාතික සමාගම් විරෝධීවීම නවසිය හැට ගණන්වල සහ හැත්තෑ ගණන්වල නිවැරදි වී ය.”

“රාවුල් ප්‍රබිස්ච්ට් වැනි ලතින් ඇමෙරිකානුවන් ප්‍රචාරය කළ මතවාදය වුයේ බහු ජාතික සමාගම් මගින් ඔවුන් ‘ පරායක්තතාවයට ‘ ඇද දමන බව යි. අපි එය නොපිළිගත්තේමු. “

“ ඒ වෙනුවට අපි බහු ජාතික සමාගම් උපායශීලීව පිළිගත්තෙමු. තාක්ෂණය , දැනුම , ක්‍රමවේද ,විශේෂඥතාවය සහ වෙළෙඳපොළ ඔවුන් සතුව තිබිණි.”

“ ඔවුන් සමග සහ ඔවුන් සඳහා වැඩකිරීම මගින් ඉගෙන ගැනීම පහසු ක්‍රමය බව අපි තේරුම් ගතිමු. ඇත්තෙන් ම ඔවුන් සිංගප්පුරු සංවර්ධනයේ ශක්තිමත් සාධකයක් වී ය.”

පැරණි යටත් විජිත පාලකයින්ගෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ පාලනය ලබාගත් නව පාලකයින් විසින් ජනතාව වෙත මුදාහරින ලද්දේ  මුල්‍ය අස්ථාවරතාවය සහ ආර්ථික ජාතික වාදයේ හැගීම් පමණක් නොවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවල මුලයන් ද අලුත් ඒවා නොවේ .

( මෙය “ ශ්‍රී ලංකාවට සිංගප්පුරුවක් වෙන්න බැරි යි ? “  ලෙස බෙල් වෙදර් ආයතනය කළ විග්‍රහයක දෙවැනි කොටසයි . ඉදිරි කොටස් බලාපොරොත්තු වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *