සීනි බදු වංචාව බිලියන 15.9 ක් බව මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තු කමිටුවට කියයි

සීනි බදු අඩු කිරීමට රජය නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිදු කර ඇති බදු වංචාව නිසා රජයට සිදු වී ඇති පාඩුව රුපියල් බිලියන 15.9 ක් බව මුදල් අමාත්‍යංශ නිලධාරීන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට අද දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
මෙම වංචාව ගැන පාර්ලිමේන්තු කමිටුව මුදල් ආමාත්‍යංශ නිලධාරීන් ගෙන්වා කළ විමසුමකට පිළිතුරු ලෙස නිලධාරීන් මේ බව හෙළි කොට තිබේ.
මෙම වංචාවේ මුදල් කිහිප දෙනෙකු අතර බෙදී ගොස් ඇති බව ද කියති.