මාස 06ක් තුළ දී කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (10) දින දෛනික ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 657.97 ක් ලෙසින් සටහන් විය. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2020 අගෝස්තු 10 දිනෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ අඩුම පිරිවැටුම මෙය වන නිසාවෙනි.
එසේම ඊයේ (09) දිනය වන විට 2021 වසරේ දෛනික ගනුදෙනු පිරිවැටුමේ සාමාන්‍ය රු. බිලියන 6.98 ක් ලෙසින් දැක්වුණු අතර ඒ අනුව අද (10) දිනයේ පිරිවැටුම එයින් 1/10 ක් තරම්වත් නොවීම විශේෂත්වයකි.