චීනයෙන් බිලියන 1.5 ක ණය ලැබුණත් රුපියල තව වැටෙයි

ශ්‍රී ලංකා ආණ්ඩුව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයට පිළියම් ලෙස චීනයෙන් ඉල්ලා සිටි ඩොලර්

බිලියන 1.5 ක් ණය මුදල ලබාදෙන බව චීනය ප්‍රකාශ කළ පසුව ද රුපියලේ අගය තව දුරටත් 

පිරිහෙමින් පවතින බව වෙළෙඳපොළ වාර්තා තහවුරු  කරයි .

චීනයේ ණය මුදල අනුමත වූ බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා ප්‍රකාශ කළේ ය.

මෙම ප්‍රවෘත්තියත් සමග රුපියල ස්ථාවර වනු ඇතැයි රජය අපේක්ෂා කළ ද පෙරේදා 

ඩොලරයකට රුපියල් 197.40 ක් වූ එම අගය ඊයේ 197.75 -178.00 දක්වා පහළ වැටුණු අතර අද උදේ එය තවත් පහළ යමින් සටහන් කළේ 198.00 – 198.10 ක් දක්වා අගයකි .

මේ අතර බැඳුම්කර අලෙවි වන මිල ද පහත වැටී ඇති බව වෙළෙඳපොල වාර්තා 

පෙන්නුම් කරයි.

චීනයෙන් ලැබුණු ණය මුදල ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විදේශ ණය අතරින් කොටසකි. ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති අතර  තවත් බිලියන තුනක් පමණ වෙනත් රටවලින් ඉල්ලා ඇත.

ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් තව ම ණය අනුමත වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *