ඩොලරය රු. 200 පනියි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව දක්වා ඇත. මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර ලංකා බැංකුවට අනුව අද දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි. එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම් මිල රු. 202.14 ක් ලෙසින්, ලංකා බැංකු නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ.