Day: March 31, 2021

රුපියලේ වැටීම නවතන්න බැරි වෙයි. ඩොලරය රුපියල් 202 ත් පනී

ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණ වීම තවදුරටත් සිදුවෙමින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේ රුපියල් 202 ඉක්මවා ඉහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහා බැංකුව අද නිකුත් කළ සංඛ්‍යා ලේඛන අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 202.04 ක් වශයෙනි. කියවන්න...

ජපන් ආධාර එපා කියූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙන අය සමග කරන්න කැබිනට් අනුමැතිය

වියදම් වැඩි බව කියමින් හදිසියේ නවතා දමන ලද, ජපානයේ සහන ණය යටතේ කරන්නට සැලසුම් කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙනත් පාර්ශවයන් සමග ගිවිසුම් ගත වී ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග හතරක් ඉදි කිරීමට නියමිතව ඇත. කණු මතින් දුවන සැහැල්ලු දුම්රිය වන මෙම මාර්ග ඉදි කිරීමට යන්නේ රාගම සිට කොළඹ , මොරටුව සිට කැලණිය, කොට්ටාව සිට තලවතුගොඩ හරහා හුණුපිටිය සහ අතුරුගිරියේ සිට රාජගිරිය හරහා කොටුව වශයෙන් මාර්ග හතරක් ලෙස ය. කියවන්න...