Day: April 11, 2021

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 4.1 ට බසී

ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ප්‍රමාණය මාර්තු මස අග වන විට ඩොලර් බිලියන 4.1 දක්වා පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

පෙබරවාරි මස අග දී එය පැවතියේ ඩොලර් බිලියන 4.583 ක මට්ටමේ ය. කියවන්න...

පෙරේදා බැඳුම්කර වෙන්දේසියේදීත් සියයට 73 ක් විකිණී නැහැ

පෙරේදා , සිකුරාදා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියේදී ද එයට ඉදිරිපත් කොට තිබු බැඳුම්කර අතරින් සියයට 73 ක පමාණයක් විකුනාගත් නොහැකි වූ බව වාර්තා වෙයි.

ඒ සඳහා රුපියල් මිලියන 40,000 බැඳුම්කර ඉදිරිපත් කොට තිබුණ ද විකුණාගත හැකි වී ඇත්තේ රුපියල් මිලියන 10,585 ක් වටිනා බැඳුම්කර ප්‍රමාණයකි . එය මුළු සංඛ්‍යාවෙන් සියයට 26.21කි . කියවන්න...

එළවළු හා පලතුරු අස්වනු හානියෙන් මෙරට ආර්ථිකයට වාර්ෂිකව සිදුවන අලාභය රුපියල් බිලියන 20ක්

ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය සියයට 30-40 ත් අතර ප්‍රමාණයක් බව අනාවරණයවී තිබේ. කියවන්න...