පෙරේදා බැඳුම්කර වෙන්දේසියේදීත් සියයට 73 ක් විකිණී නැහැ

පෙරේදා , සිකුරාදා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියේදී ද එයට ඉදිරිපත් කොට තිබු බැඳුම්කර අතරින් සියයට 73 ක පමාණයක් විකුනාගත් නොහැකි වූ බව වාර්තා වෙයි.
ඒ සඳහා රුපියල් මිලියන 40,000 බැඳුම්කර ඉදිරිපත් කොට තිබුණ ද විකුණාගත හැකි වී ඇත්තේ රුපියල් මිලියන 10,585 ක් වටිනා බැඳුම්කර ප්‍රමාණයකි . එය මුළු සංඛ්‍යාවෙන් සියයට 26.21කි .
ඒ අනුව විකිණී නැති ප්‍රමාණය සියයට 73.79 කි.
ශ්‍රී ලංකා මහා බැංකුව පැවත් වූ පසුගිය බැඳුම්කර වෙන්දේසි පහක දීම විකුණාගත හැකි වී ඇත්තේ බැඳුම්කර ඉතා අඩු ප්‍රතිශතයකි.