රුපියල තව පිම්මකින් පහතට

ශ්රී ලංකා රුපියලේ හුවමාරු වටිනාකම ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 204.62 දක්වා අද දිනයේ තව දුරටත් පහළ වැටුණි.
මීට පෙර අවම වටිනාකම සටහන් වුයේ ඩොලරයකට රුපියල් 203.73 ක් වශයෙනි. ඒ පසුගිය 12 දා , සඳුදා ය.
මේ අනුව පෙනී යන්නේ රුපියල අව ප්රමාණ වීම වැළක්වීමේ සියලු පියවර අසාර්ථක වී ඇති බවයි.