Day: April 16, 2021

ණය උගුලෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාවට ආධාර කරන්න සුදානම් – ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටිප්ලිස්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය ගෙවීමේ ප්‍රශ්නයේ දී එම ණය ගෙවීම සඳහාත් , රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත්, ආධාර ලබාදීමට ඇමෙරිකානු රජය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටිප්ලිස් මහත්මිය ප්‍රකාශ කරයි.

“ ණය කළමනාකරණය කර ගැනීමටත්, අනාගතය සඳහා වඩාත්, තිරසාර සංවර්ධනයක් සඳහාත් ආධාර කිරීමට අපි සුදානම් “ යි ඇය ප්‍රකාශ කොට ඇත . “රටේ ආර්ථිකය වඩාත් ස්ථාවර වනවා දකින්න අපි කැමතියි . එයට ආධාර කරන්න සුදානම් බව අපි දැනටමත් දැනුම් දී තිබෙනවා “ ඇය වැඩිදුරටත් කීය කියවන්න...