Month: May 2021

කොළඹ වරාය බටහිර ජැටියේ ගිවිසුමට අත්සන් ; අදානිට 51%, ජෝන් කීල්ස්ට 35%, වරය අධිකාරියට 15%

කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධනයේ සියයට 51 කොටස් ඉන්දියාවේ අදානි සමාගමට හිමිවන ලෙස අවබෝධතා ගිවිසුමකට රජය අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. එම ගිවිසුම අනුව ජැටිය සංවර්ධනයෙන් සියයට 35 කොටස් ජෝන් කීල්ස් සමාගමට හිමිවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක් කොටස් හිමිවනු ඇත.

මෙහි දී ජෝන් කීල්ස් සමගම ක්‍රියා කරන්නේ අදානි සමාගමේ දේශීය නියෝජිතයා වශයෙනි. කියවන්න...

බංගලිදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණයක්

බංගලිදේශය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ණය මුදලක් ලබා දීමට කටයුතු කොට ඇත.

රට මුහුණ දී සිටින විදේශ විනිමය අපහසුත නිසා ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම ණය මුදල ලබා දී තිබේ. කියවන්න...

අතුරුගිරිය – කැළණි පාලම ගුවන් මාර්ගය ඉදිකිරීම සහ අයිතිය චීන සමාගමකට

අතුරුගිරිය සිට කොළඹ කැළණි පාලම දක්වා කණු මත දිවෙන ගුවන් පාලම ඉදිකිරීම චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් සමගමට  ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙය ඉදිකොට මෙහෙයුම් කොට පැවරීමේ හෙවත් බොට් (BOT) ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. කියවන්න...

කොවිඩ් තුන්වන රැල්ලේ ආර්ථික බලපෑම පළමු හා දෙවැනි රැළි තරම් තියුණු නැහැ – මහ බැංකු අධිපති

මේ වන විට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ආර්ථිකයට ඇතිකරනු ලබන බලපෑම, පසුගිය වසරේ කොවිඩ් පළමු හා දෙවැනි රැළිවලින් ඇති වූ බලපෑම තරම් තීව්‍ර නොවනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කිරීම සම්බන්ධයෙන් අද (20) දිිනපැවති මාර්ගගත (ඔන්ලයින්) මාධ්‍ය හමුවේ දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. කෙසේවෙතත් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මෙහිදී පැවසුවේ ප්‍රබල නිගමනවලට ඒළඹීම සඳහා තවමත් කල් වැඩි බවයි.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා, කියවන්න...

වැරදි ප්‍රතිපත්ති නිසා කබලෙන් ළිපට – ධනනාත් ප්‍රනාන්දු

2020 මහා බැංකු වාර්තාව සහ අයවැය

මා ඉගෙනගත් පාසලේ විදුහල්පතිව සිටි අභාවප්‍රාප්ත බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා කතන්දර සහ උදාහරණ මගින් සිසුන්ට උපදෙස් දීමට පුරුදුව සිටියේ ය. සිසුන්ට උපදෙස් දීමට ඔහු නිතර යොදාගත් ප්‍රශ්නයක් වුයේ “ හොඳ කේතලයක් සහ නරක කේතලයක් අතර වෙනස ඔබ දන්නවාද ?” යන්න යි. ඒ දෙක ම පෙනුමෙන් එක හා සමාන ය. දෙකේ ම ශබ්දය එක ම ය. දෙකෙන් ම සිදුවන්නේ වතුර රත්කිරීමේ එක ම කාර්යය යි. කොයික හොඳ ද? කොයික නරක ද? කියා පෙන්නුම් කරන්නේ කාලය පමණකි. ජීවිතයේ අමාරු පරීක්ෂණ වන්නේ වාර විභාගය හෝ අධ්‍යයන වාර අවසාන පරීක්ෂණය හෝ නොවන බව කියන්නට ඔහු පුරුදුව සිටියේ ය. ශිෂ්‍යයින් ලෙස ඔබ, ඔබ විසින් ම මුහුණ දීමට පුහුණු විය යුතු පරීක්ෂණය වන්නේ ‘කාලයේ පරීක්ෂාව ‘ බව ඔහු කීවේ ය. මෙම උපදේශය ප්‍රිය කළ මම අද දක්වා එය මතක තබා ගතිමි.

ගෝලීය වසංගතයේ වසරක කාලය, අපගේ ආර්ථික ප්‍රතිපත්ති සහ 2021 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්බන්ධයෙන් ලිට්මස් පරීක්ෂාවක් බවට පත්ව ඇත. “ කාලයේ පරීක්ෂාව “ පිලිබඳ කාරණයේ දී, ශ්‍රී ලංකාව කුමන ස්ථානයක සිටින්නේ ද යන්න කෙනෙකුට මෙමගින් තේරුම් ගත හැකි වනු ඇත. කියවන්න...

අධිකරණ පරිපාලනය නම් මූලික කාර්යයෙහිදී රාජ්‍යය අසමත් වීම – මහාචාර්ය රොහාන් සමරජීව

අර්ථශාස්ත්‍ර 5:

නීතිය හා සාමය ඇතිකිරීමේදී රජයේ භූමිකාවට එරෙහිව කිසිදු දේශපාලන හෝ ආර්ථික න්‍යායාචාර්යවරයකු තර්ක නොකරන බව මින් පෙර තීරු ලිපියක මම පැවසීමි. ආන්තික නිදහස්වාදියකු පවා නීතිය හා සාමය පවත්වාගැනීමෙහිදී රජයට කාර්යයක් තිබෙන බව පිළිගන්නා බව මම පැවසුවෙමි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීති පද්ධතියක් ඇති බව පෙනේ. විනිසුරුවරුන් පත්කරනු ලැබේ. උත්සවාකාර නඩු විභාගයන් පැවැත්වේ. නීතීඥවරු අධිකරණ පරිශ්‍රයන් තුළ කඩිසර ලෙස එහෙමෙහෙ යති. ඔවුන් ඉතා කාර්යබහුල හා සමෘද්ධිමත් බව පෙනේ. කියවන්න...

රුපියල වැටෙන්නේ සල්ලි අච්චු ගැසීමෙන් ; මෙහෙම කරලා රටවල් දියුණු කරන්න බැහැ – ධනනාත් ප්‍රනාන්දු

වැඩිවෙන මුදල් ආනයන පස්සේ දිවීම නවත්තන්න බැහැ

බොහො දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවෙ රුපියලයි ඩොලරයයි අතර තියෙන අගය කොහොමද මෙච්චර ඉක්මනට විචලනය වෙන්නෙ කියන එක.  මූලික වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනෙ, ආර්ථික විද්‍යාවෙදි අපි කියන ඉල්ලුමයි සැපයුමයි මත තමයි මිල තීරණය වෙන්නෙ කියල. ඩොලරයට තියෙන ඉල්ලුම සැපයුම මත තමයි ඩොලරයකට රුපියල් කීයක් ගෙවන්න වෙනවද කියල තීරණය වෙන්නෙ.

පහුගිය දිනවල අපිට ඩොලරය මිල දී ගන්න හැකි වුනේ රුපියල්  දෙසීයට, දෙසිය එකට, දෙසිය දෙකට වගේ අගයකට. අපිට චීනයෙන් ඇමරිකානු ඩොලර් පන්සීයක ණයක් ලැබුණා. ඒත් එක්කම  එක ඉතාමත් පහළ අගයකට ආවා. රුපියල් එකසිය අසූගණනක් වැනි අගයකට. නමුත් දිනකට පසු  නැවත වරක් ඒක ඉහළ ගිහින් තියෙනව. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ පහළ යන්න මූලිකම හේතුවක් තමයි, බොහෝ දෙනෙක් හිතන්නෙ මේක ආනයන අපනයන මත තීරණය වෙනව කියල. ඒක සමාජයේ තියෙන මූලික වැරැදි මතයක්. කියවන්න...

තානාපතිවරුන්ගේ විරෝධය හමුවේ පාම් ඔයිල් තහනම ඉවතට

පාම් තෙල් ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ විරෝධය හමුවේ අදාල තහනම ඉවත් කිරීමට සිදුව ඇති බවයි.

මෙරට සිටින, එම රටවල තානාපතිවරුන් වෙළඳ අමාත්‍යවරයා අමතා පවසා තිබෙන්නේ එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකඟතා උල්ලංඝනය කිරීමක් බවයි. කියවන්න...

ආණ්ඩුව දකුණු කොරියාවෙන් ඉල්ලු ඩොලර් මිලියන 500 ක ණය ලැබෙයි

ශ්‍රී ලංකා රජය දකුණු කොරියාවෙන් ඉල්ලා සිටි ඩොලර් මිලියන  500 ක නය මුදල ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

සහන ණයක් වශයෙන් ලැබී ඇති මෙම මුදල ගෙවීම සඳහා වසර 40 ක් කාලයක් හිමිවන අතර එහි පොලිය සියයට 0.15 – 0.20 වන බව වාර්තා වෙයි. කියවන්න...

රසායනික පොහොර ආනයන තහනම ; විජ්ජා නොපෙන්වා විද්‍යාත්මකව බලමු – මහාචාර්ය බුද්ධි මාරඹේ

කෑගල්ලෙන් පටන් ගත් පැණියේ කතාව විජ්ජාවක් බව පසුගියදා අනාවරණය විය. විද්‍යාත්මක පර්යේෂණ වලින් පසු එය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් නොවේ යයි සනාථ වී ඇති නිසා, මෙම ආන්දෝලනය නවතිනු ඇතැයි සිතමි. විජ්ජාව පරදා විද්‍යාව ජයගැනීම සැනසීමට කරුණකි. එය අනාගතය පිලිබඳ හොඳ පෙර නිමිත්තකි. මිත්‍යාව සහ අවිද්‍යාව වැඩි කල් පවතින්නේ නැත. අවිද්‍යාව සහ මිත්‍යාව වැළඳගෙන ආරූඪ කරගත් ආත්ම විශ්වාසයක් ඇති කරගත් දේශපාලකයන්, වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව ඇතළු සැහෙන පිරිසක් අප සමාජයේ සිටීම වේදනාවට කරුණකි. එනමුත් මින් ලද පරිචයක් ඇතිනම්, එවන් කූඨ ප්‍රයෝග සහ වෙළඳ ව්‍යාපාරවලට නොරැවටිමටත්, නොයෙකුත් ප්‍රචාරක උපක්‍රම වලින් මුළු රටක් “කඩේ ගෙන යාමට” දායක නොවීමටත් සැම දෙනාම වග බලාගත යුතුය. අදාළ පැණියට ලබාදුන් රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමේ අනුග්‍රහය රටක් නොමග යැවූ බව, අවම වශයෙන් සති දෙකකට වැඩි කාලයක්වත් මතක තබා ගැනීමට දැන්වත් මතක තබා ගනිමු. මෙම ලිපියේ අරමුණ පැණියක් පිලිබඳ නොවුනත් මෙවන් පුර්විකාවකින් මෙම ලිපිය ආරම්භ කිරීම සුදුසු යයි සිතමි.

කොවිඩ් වසංගතය හමුවේ, මෑත කාලයේ දී දක්නට ලැබුණු සාර්ථක රාජ්‍ය මැදිහත්වීමකින් සහ සැම දෙනාගේම දායකත්වයෙන් යුතුව කෘෂිකර්මාන්තයේ ප්‍රාථමික නිෂ්පාදනයේ වැඩි වීමක් සිදු වීම සතුට දනවන කරුණකි. මීට අමතරව, නිපදවිය හැකි දේ රට තුලම නිපදවීමේ අරමුණින්, තෝරාගත් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම තාවකාලිකව හෝ තහනම් කිරීමත්, ඒ තුලින් ශ්‍රී ලාංකික නිෂ්පාදකයා දිරි ගැන්වීමට ගත් උත්සාහයත් අපි දුටුවෙමු. එතනෝල්, කහ, බඩ ඉරිඟු, මුං ඇට වැනි දේ ආනයනය නැවැත්වීම මෙයට හොඳම නිදසුන් ය. කියවන්න...