වරාය නගර පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම 5 දා ; විවාදයත්, ඡන්දයත් එදා ම අවසන් !

ෆෝට් සිටි හෙවත් වරාය නගර ප්‍රදේශය පාලනය සඳහා වූ නීති කෙටුම්පත පාර්ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනීම ලබන බදාදා (5 දා ) සිදු කිරීමට රජය තීරණය කොට ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ඊයේ රැස්වීමේ දී රජය මේ බව දැනුම් දී ඇති අතර විවාදය සඳහා දින දෙකක් ලබාදෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරනු ලැබී ය.