පසුගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 3.6 පසුබෑමක් -ශ්‍රී ලංකා මහ බැංකුව

නිදහසින් පසු විශාලතම ආර්ථික අවපාතය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික වාර්තාව මගින් හෙළිදරව් කරයි.

2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මඟින් මේ බව අනාවරණය කර ඇත.

එම  මහ බැංකු වාර්තාවඅගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා වෙත  ඊයේ (30) පිළිගන්වනු ලැබී ය.

එමඟින් දක්වා ඇත්තේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට සෘණ වර්ධන  අගයක් එනම් සියයට 3.6 ආර්ථික අවපාතයක් පෙන්නුම් කරන බව ය.

පසුගිය වසරේ බලපෑ කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් පැනවූ බාධක මීට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

ඉදිකිරිම් හා නිෂ්පාදන ක්‍රියාකාරකම් සැලකිය යුතු පසුබෑමකට ලක්වීම හේතුවෙන් කර්මාන්ත අංශයේ දරුණු පසුබෑමක් දක්නට ලැබුණු අතර ප්‍රවාහන හා වෙනත් පෞද්ගලික සේවා අඩාල විම හේතුවෙන් සේවා අංශයෙහි සංකෝචනයක් ද වාර්තා වූ බව මහ බැංකු වාර්ෂික වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

මීට අමතරව 2019 වසරේ ඩොලර් 3,852ක්ව පැවති ඒක පුද්ගල ආදායම පසුගිය වසරේදී ඩොලර් 3,682ක් දක්වා පහත බැස ඇති බව ද මහ බැංකු වාර්තාවෙන් අනාවරණය කොට තිබේ.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *