2009 න් පසු පළමුවරට සේවා වියුක්තිය 5% ඉක්මවයි

වසංගතය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතා මධ්‍යයේ, ශ‍්‍රම බලකා සහභාගිත්ව අනුපාතය පහත වැටුණු අතර, 2009 වසරින් පසුව ප‍්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය සියයට 5 ඉක්මවීය.

පවත්නා වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) පහළ යෑමේ සහ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියල අවප‍්‍රමාණය වීමේ ඒකාබද්ධ බලපෑම පිළිබිඹු කරමින්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 3,852 සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් 3,682ක් දක්වා පහළ ගියේය.

සමස්ත ආර්ථිකයේ ප‍්‍රමාණය, 2019 වසරේ එ.ජ. ඩොලර් බිලියන 84.0ක සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 80.7ක් දක්වා පහළ යෑමට ද වසංගතය හේතු විය.

සමස්තයක් ලෙස ආර්ථිකය සංකෝචනය වුව ද, රාජ්‍ය මූල්‍ය හා මුදල් ප‍්‍රතිපත්ති යන දෙ අංශයම තුළින් ක‍්‍රියාවට නැංවූ වර්ධනාභිමුඛ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවලට ප‍්‍රතිචාර දක්වමින්, 2020 වසරේ දෙවන භාගයේ දී ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *