Day: May 8, 2021

පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම සෞභාග්‍යයේ දැක්මට පටහැනිය, දෝෂ සහිතය – මහාචාර්ය රොහාන් සමරජීව

සාකච්ඡාවකින් තොරව පසුගිය සතියේ සම්මත කරනු ලැබූ, පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමේ කැබිනට පත්‍රිකාව මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සම්පුර්ණ විපර්යාසයක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට, ගොවීන්ගේ ජීවනෝපායට, සහ කෘෂිකර්මයට  සහ ඊට සම්බන්ධ ක්ෂේත්‍රවල ආයෝජන කළ අයට එමගින් වන බලපෑම අති විශාල ය.

20 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව බාල්දු කලා වුවද, මෙවන් භාරදූර පෙරලියක් සම්බන්ධයෙන් එය මුළුමනින් නොතකා හැරීම සහ විශේෂඥතාවය ඇති රජයේ ආයතන නොසලකා හැරීම වරදකි. කෘෂිකර්මය බෙදා ඇති විෂයයක් බැවින්, තෝරාපත් කරගත් සභිකයින් නොමැති වුව ද, පළාත් සභාවල අදහස් විමසිය යුතුව තිබිණි. තමන්ගේ ආයෝජන කෙරෙහි බලපෑම් ඇතිවුවන්ගේ පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් පවරාගැනීමේ බලපෑමක් ඇතිවීම නිසා, මුලික අයිතිවාසිකම් ආරක්ෂකයා සහ සාධාරණත්වය පවත්වාගෙන යන්නා වශයෙන් අධිකරණයේ බලයට ද ඉල්ලීම් කිරීමට සිදුවිය හැකි ය. කියවන්න...

රුවන්පුර අධිවේගයේ වැඩ ඇරඹෙයි

මෙරට යෝජිත අධිවේගී මාර්ග පද්ධතියේ හත්වැන්න ලෙස සැලකෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ ආරම්භ කරනු ලැබීය.

මෙම අධිවේගී මගේ පළමු පියවර ලෙස සැලකෙන කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු ආරම්භ කරමින් සමරු පාලකය  විවෘත කිරීම  අගමැතිවරයා අතින් අරලියගහ මැදුරේ සිට සිදුකරන ලද්දේ අන්තර් ජාල තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. කියවන්න...