කෑගල්ලෙන් පටන් ගත් පැණියේ කතාව විජ්ජාවක් බව පසුගියදා අනාවරණය විය. විද්‍යාත්මක පර්යේෂණ වලින් පසු එය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් නොවේ යයි සනාථ වී ඇති නිසා, මෙම ආන්දෝලනය නවතිනු ඇතැයි සිතමි. විජ්ජාව පරදා විද්‍යාව ජයගැනීම සැනසීමට කරුණකි. එය අනාගතය පිලිබඳ හොඳ පෙර නිමිත්තකි. මිත්‍යාව සහ අවිද්‍යාව වැඩි කල් පවතින්නේ නැත. අවිද්‍යාව සහ මිත්‍යාව වැළඳගෙන ආරූඪ කරගත් ආත්ම විශ්වාසයක් ඇති කරගත් දේශපාලකයන්, වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව ඇතළු සැහෙන පිරිසක් අප සමාජයේ සිටීම වේදනාවට කරුණකි. එනමුත් මින් ලද පරිචයක් ඇතිනම්, එවන් කූඨ ප්‍රයෝග සහ වෙළඳ ව්‍යාපාරවලට නොරැවටිමටත්, නොයෙකුත් ප්‍රචාරක උපක්‍රම වලින් මුළු රටක් “කඩේ ගෙන යාමට” දායක නොවීමටත් සැම දෙනාම වග බලාගත යුතුය. අදාළ පැණියට ලබාදුන් රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමේ අනුග්‍රහය රටක් නොමග යැවූ බව, අවම වශයෙන් සති දෙකකට වැඩි කාලයක්වත් මතක තබා ගැනීමට දැන්වත් මතක තබා ගනිමු. මෙම ලිපියේ අරමුණ පැණියක් පිලිබඳ නොවුනත් මෙවන් පුර්විකාවකින් මෙම ලිපිය ආරම්භ කිරීම සුදුසු යයි සිතමි.
කොවිඩ් වසංගතය හමුවේ, මෑත කාලයේ දී දක්නට ලැබුණු සාර්ථක රාජ්‍ය මැදිහත්වීමකින් සහ සැම දෙනාගේම දායකත්වයෙන් යුතුව කෘෂිකර්මාන්තයේ ප්‍රාථමික නිෂ්පාදනයේ වැඩි වීමක් සිදු වීම සතුට දනවන කරුණකි. මීට අමතරව, නිපදවිය හැකි දේ රට තුලම නිපදවීමේ අරමුණින්, තෝරාගත් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම තාවකාලිකව හෝ තහනම් කිරීමත්, ඒ තුලින් ශ්‍රී ලාංකික නිෂ්පාදකයා දිරි ගැන්වීමට ගත් උත්සාහයත් අපි දුටුවෙමු. එතනෝල්, කහ, බඩ ඉරිඟු, මුං ඇට වැනි දේ ආනයනය නැවැත්වීම මෙයට හොඳම නිදසුන් ය. කියවන්න...