රසායනික ගෙන්වන්න බලපත්‍ර ක්‍රමයක් !

බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දීම සඳහා ගැසට් නිවේදනයක් අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 6 දා දාතම යටතේ නිකුත් කොට ඇත.
සියලු රසායන ද්‍රව්‍ය ගෙන්වීමේ තහනම මෙමගින් ලිහිල් කොට ඇති අතර රසායනික ගෙන්වීමේ බලපත්‍ර ලබා දෙන්නේ කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බව ද සඳහන් ය.
එමෙන් ම, මැයි 5 දා අමාත්‍ය මණ්ඩල තීරණයට පෙර ගිවිසුම් ගතව නැව් ගත කළ රසායනික සහ පොහොර වරායෙන් නිදහස් කිරීමට ද උපදෙස් දී ඇති බව දැනගන්නට තිබේ.
අලුතින් පොහොර සහ කෘෂි රසායනික ගෙන්වීමේ තහනම තව දුරටත් ක්‍රියාත්මක කෙරෙනු ඇත.