අතුරුගිරිය – කැළණි පාලම ගුවන් මාර්ගය ඉදිකිරීම සහ අයිතිය චීන සමාගමකට

අතුරුගිරිය සිට කොළඹ කැළණි පාලම දක්වා කණු මත දිවෙන ගුවන් පාලම ඉදිකිරීම චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් සමගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙය ඉදිකොට මෙහෙයුම් කොට පැවරීමේ හෙවත් බොට් (BOT) ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
ඒ අනුව ඉදිකොට වසර 18 ක් යන තෙක් මාර්ගයේ අයිතිය චීන සමාගමට හිමිවෙයි. එම කාලයේ මාර්ග ගාස්තු අයකිරීම එම සමාගම විසින් සිදුකරනු ඇත.
එම කාල සීමාවෙන් පසු මාර්ගයේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.
කොළඹ වරාය නගරය ඉදිකරන්නේ ද මෙම සමාගම විසිනි.