Month: May 2021

රසායනික ගෙන්වන්න බලපත්‍ර ක්‍රමයක් !

බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට අවසර දීම සඳහා ගැසට් නිවේදනයක් අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 6 දා දාතම යටතේ නිකුත් කොට ඇත.

සියලු රසායන ද්‍රව්‍ය ගෙන්වීමේ තහනම මෙමගින් ලිහිල් කොට ඇති අතර රසායනික ගෙන්වීමේ බලපත්‍ර ලබා දෙන්නේ කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බව ද සඳහන් ය. කියවන්න...

පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම සෞභාග්‍යයේ දැක්මට පටහැනිය, දෝෂ සහිතය – මහාචාර්ය රොහාන් සමරජීව

සාකච්ඡාවකින් තොරව පසුගිය සතියේ සම්මත කරනු ලැබූ, පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමේ කැබිනට පත්‍රිකාව මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සම්පුර්ණ විපර්යාසයක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට, ගොවීන්ගේ ජීවනෝපායට, සහ කෘෂිකර්මයට  සහ ඊට සම්බන්ධ ක්ෂේත්‍රවල ආයෝජන කළ අයට එමගින් වන බලපෑම අති විශාල ය.

20 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව බාල්දු කලා වුවද, මෙවන් භාරදූර පෙරලියක් සම්බන්ධයෙන් එය මුළුමනින් නොතකා හැරීම සහ විශේෂඥතාවය ඇති රජයේ ආයතන නොසලකා හැරීම වරදකි. කෘෂිකර්මය බෙදා ඇති විෂයයක් බැවින්, තෝරාපත් කරගත් සභිකයින් නොමැති වුව ද, පළාත් සභාවල අදහස් විමසිය යුතුව තිබිණි. තමන්ගේ ආයෝජන කෙරෙහි බලපෑම් ඇතිවුවන්ගේ පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් පවරාගැනීමේ බලපෑමක් ඇතිවීම නිසා, මුලික අයිතිවාසිකම් ආරක්ෂකයා සහ සාධාරණත්වය පවත්වාගෙන යන්නා වශයෙන් අධිකරණයේ බලයට ද ඉල්ලීම් කිරීමට සිදුවිය හැකි ය. කියවන්න...

රුවන්පුර අධිවේගයේ වැඩ ඇරඹෙයි

මෙරට යෝජිත අධිවේගී මාර්ග පද්ධතියේ හත්වැන්න ලෙස සැලකෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ ආරම්භ කරනු ලැබීය.

මෙම අධිවේගී මගේ පළමු පියවර ලෙස සැලකෙන කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු ආරම්භ කරමින් සමරු පාලකය  විවෘත කිරීම  අගමැතිවරයා අතින් අරලියගහ මැදුරේ සිට සිදුකරන ලද්දේ අන්තර් ජාල තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. කියවන්න...

2009 න් පසු පළමුවරට සේවා වියුක්තිය 5% ඉක්මවයි

වසංගතය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතා මධ්‍යයේ, ශ‍්‍රම බලකා සහභාගිත්ව අනුපාතය පහත වැටුණු අතර, 2009 වසරින් පසුව ප‍්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය සියයට 5 ඉක්මවීය.

පවත්නා වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) පහළ යෑමේ සහ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියල අවප‍්‍රමාණය වීමේ ඒකාබද්ධ බලපෑම පිළිබිඹු කරමින්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 3,852 සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් 3,682ක් දක්වා පහළ ගියේය. කියවන්න...

වරාය නගර පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම 5 දා ; විවාදයත්, ඡන්දයත් එදා ම අවසන් !

ෆෝට් සිටි හෙවත් වරාය  නගර ප්‍රදේශය පාලනය සඳහා වූ නීති කෙටුම්පත පාර්ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනීම ලබන බදාදා (5 දා ) සිදු කිරීමට රජය තීරණය කොට ඇත.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ඊයේ රැස්වීමේ දී රජය මේ බව දැනුම් දී ඇති අතර විවාදය සඳහා දින දෙකක් ලබාදෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරනු ලැබී ය. කියවන්න...

පසුගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 3.6 පසුබෑමක් -ශ්‍රී ලංකා මහ බැංකුව

නිදහසින් පසු විශාලතම ආර්ථික අවපාතය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික වාර්තාව මගින් හෙළිදරව් කරයි.

2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මඟින් මේ බව අනාවරණය කර ඇත. කියවන්න...