Month: June 2021

රටේ මුදල් තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ තත්ත්වය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබේ. එම ප්‍රකාශය මෙසේ ය.

පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් පවතිතැයි යන උපකල්පනය යටතේ විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය විසින් අදහස් දක්වා තිබුණි. සමහර මාධ්‍ය විසින් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තා තුළ අන්තර්ගත බරපතල සෘණාත්මක අදහස් රටට ඉතා හානිකර විය හැකි ය. මේ සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වෙයි. කියවන්න...

එකම විකල්පය IMF – රනිල්

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයට ඇති ඒකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීම බවත් ඒසේ නැත්නම් ඒ සඳහා ඇති විකල්පය අනාවරණය කරන ලෙස් ඒක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා, කියවන්න...

භාණ්ඩාගාර බිල්පත් විකුණාගත නොහැකි වූ ආණ්ඩුව තවත් රුපියල් කොටි 2200 ක මුදල් නෝට්ටු මුද්‍රණය කරයි

රුපියල් කෝටි 2200ක මුදල්නොට්ටු මුද්‍රණය කොට වෙළෙඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය සතියේ මෙම පියවර ගෙන තිබුණේ අලෙවිය සඳහා මහ බැංකුව ඉදිරිපත් කොට තිබු රුපියල් කෝටි 5000 ක් අතරින් සියයට හැටක ප්‍රමාණයක් විකුණාගත නොහැකි වීමෙන් පසුව ය. කියවන්න...

පොහොර තහනමේ විනාශය සිදු වුණොත් යළි ගොඩගන්න බැහැ – ප්‍රධාන කෘෂි විද්වත්හු ගණන් හිලවු ඇතිව ජනාධිපතිට ලියති.

ආණ්ඩුව ක්‍රියාත්මක කොට ඇති පොහොර තහනම නිසා කෘෂිකාර්මික වග රාශියක අස්වනු විශාල ලෙස අඩුවනු ඇති බවත්, ඇතැම් අංශ සම්පුර්ණයෙන් විනාශ වන බවත්, ඇතැම් අංශවල සිදුවන හානිය කිසි ලෙසකින් ආපසු හැරවිය නොහැකි බවත්, දිවයිනේ ප්‍රධාන කෘෂි විද්‍යාඥයෝ පිරිසක් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් කරුණු දක්වති.

එක් එක් වගාවට සිදුවිය හැකි හානි ගණනය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, තේ වගාව සියයට 50 ක් දක්වා ද ,වී සියයට 30 -35 කින් ද, ඉරිඟු සියයට 50 ක් දක්වා ද, අර්තාපල් සියයට 30 -50 ක් ද, උක් සියයට 30-40 කින් ද, කුරුඳු සියයට 25 කින් ද, බුලත් සියයට 20 කින් ද, උඩරට එලවළු සියයට 30 – 50 කින් ද , අස්වනු අඩු වනු ඇති බව යි. කියවන්න...

ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021 සඳහා රටවල් රැසක සහභාගීත්වයක්

මෙම මස 7-9 දක්වා සම්පූර්ණ මාර්ගගත (On Line) ක්‍රමය යටතේ පවත්වන ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුව අද ආරම්භ වීය. එය මේ වන විට රටවල් රැසක ආයෝජකයින් දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන්  පැවැත්වේ.

අද (08) දහවල් වන විට මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80 කට අධික සහභාගිත්වයක් ලබා දී ඇත. විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුල ආයෝජනය සදහා යොමු වී ඇත. අමතර සහභාගි වන්නන් 2784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව අමතනු ඇත. කියවන්න...

අතුරුගිරිය – කැලණිය නව ගුවන් මාර්ගය සහ ගුවන් පාලම් 5ක ඉදිකිරීම් අගමැති අතින් ඇරඹේ

චීනයේ හාබර්  ඉංජිනියරින් සමාගම විසින් ඉදිකොට පවත්වාගෙන ගොස් භාරදීමේ පදනමින් ඉදිකරනු ලබන, නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කරනු ලැබී ය.

එම මාර්ගය මංතීරු 4කින් සමන්විත වේ. ඉදිකිරීමෙන් පසු වසර 18 ක් එය චයිනා හබර ඉංජිනියරින් සමගම යටතේ පවතිනු ඇත. ඉන් පසු එහි අයිතිය ශ්‍රී ලංකාවට හිමි වෙයි. කියවන්න...

කොළඹ රජයේ ඉඩම් සහ ගොඩනැගිලි කොටස් වෙළෙඳපොළට

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ පැරණි ඉඩම් සහ දේපළ පෞද්ගලික අංශය සමඟ ඒක්ව සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් පළවිය.

මෙහිදී අදහස් දක්වමින් සෙලන්දිවා ආයෝජන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂමායිල් මොහිදීන් මහතා පැවසුවේ හඳුනාගත් වත්කම් සංවර්ධනය සඳහා 49%ක කොටස්, කොටස් ‌වෙළෙඳපොළට යොමුකර අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්නා බවයි. කියවන්න...

කොවිඩ් තෙවන රැල්ලෙන් විපතට පත් බැංකු ගනුදෙනුකරුවන්ට සහන දෙන්න මහා බැංකුවෙන් උපදෙස්

කොවිඩ් තෙවන රැල්ලෙන් මේ වන විට විපතට පත්ව සිටින බැංකු ගනුදෙනුකරුවන්ට සහන ලබාදීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව සියලු බලපත්‍ර ලාභී බැංකු වෙත නිකුත් කොට ඇත.

ණය ගෙවීම් ප්‍රමාදයන් සඳහා අගෝස්තු 31 දක්වා සහන ලබා දීමට සහ එම කාලය සඳහා අඩු පොලියක් අය කිරීමට එමගින් උපදෙස් දී තිබේ. කියවන්න...