අතුරුගිරිය – කැලණිය නව ගුවන් මාර්ගය සහ ගුවන් පාලම් 5ක ඉදිකිරීම් අගමැති අතින් ඇරඹේ

චීනයේ හාබර් ඉංජිනියරින් සමාගම විසින් ඉදිකොට පවත්වාගෙන ගොස් භාරදීමේ පදනමින් ඉදිකරනු ලබන, නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කරනු ලැබී ය.
එම මාර්ගය මංතීරු 4කින් සමන්විත වේ. ඉදිකිරීමෙන් පසු වසර 18 ක් එය චයිනා හබර ඉංජිනියරින් සමගම යටතේ පවතිනු ඇත. ඉන් පසු එහි අයිතිය ශ්‍රී ලංකාවට හිමි වෙයි.
ඒ සමග නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් කටයුතු ද අගමැතිවරයා විසින් ආරම්භ කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත.