ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021 සඳහා රටවල් රැසක සහභාගීත්වයක්

මෙම මස 7-9 දක්වා සම්පූර්ණ මාර්ගගත (On Line) ක්‍රමය යටතේ පවත්වන ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුව අද ආරම්භ වීය. එය මේ වන විට රටවල් රැසක ආයෝජකයින් දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන්  පැවැත්වේ.

අද (08) දහවල් වන විට මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80 කට අධික සහභාගිත්වයක් ලබා දී ඇත. විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුල ආයෝජනය සදහා යොමු වී ඇත. අමතර සහභාගි වන්නන් 2784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව අමතනු ඇත.

ආසියාවේ මාර්ග ගත ක්‍රමය යටතේ පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021 බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි. මෙවැනි සමුළුවක් තුලින් මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ කෙටි කාලින හා දීගුකාලීන ආර්ථික ජයග්‍රහනයන් අත්කර ගැනීමට අපේක්ෂා කරන බවද මොහොට්ටාල මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *