භාණ්ඩාගාර බිල්පත් විකුණාගත නොහැකි වූ ආණ්ඩුව තවත් රුපියල් කොටි 2200 ක මුදල් නෝට්ටු මුද්‍රණය කරයි

රුපියල් කෝටි 2200ක මුදල්නොට්ටු මුද්‍රණය කොට වෙළෙඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය සතියේ මෙම පියවර ගෙන තිබුණේ අලෙවිය සඳහා මහ බැංකුව ඉදිරිපත් කොට තිබු රුපියල් කෝටි 5000 ක් අතරින් සියයට හැටක ප්‍රමාණයක් විකුණාගත නොහැකි වීමෙන් පසුව ය.

මේ වනවිට මෙම වසර තුළ ආණ්ඩුව අලුතෙන් මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය රුපිය කෝටි 89,620 ක් බව වාර්තා වෙයි.

පසුගිය වසර දෙක තුළ ආණ්ඩුව විශාල ලෙස මුදල් නෝට්ටු මුද්‍රණයේ යෙදී සිටින අතර එය උද්ධමනය ඉහළ යාමට මෙන් ම රුපියලේ හුවමාරු අගය අඩු වීමට ද හේතුවන බව ආර්ථික විද්‍යාඥයෝ කියති.

මේ වනවිට ඩොලරයකට රුපියල් 200 ඉක්මවා රුපියල අව ප්‍රමාණ වී ඇත.

සහල් ඇතුළු භාණ්ඩ මිල ද වේගයෙන් ඉහළ යන අතර ආණ්ඩුව එහි වරද පටවන්නට හදන්නේ අතර මැදි ව්‍යාපාරිකයාට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *